Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
03
ආහාර විසවී හොරණ, හෝමාගම සහ පාදුක්ක ඇඟළුම් සේවකයන් 487 ක් රෝහලේ.

- ආහාර විසවී හොරණ, හෝමාගම සහ පාදුක්ක ඇඟළුම් සේවකයන් 487 ක් රෝහලේ.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

74 Views

හොරණ පෝරුවදණ්ඩ, හෝමාගම සහ පාදුක්ක ප්‍රදේශවල පිහිටි එකම සමාගමකට අයත් ඇඟළුම් කර්මාන්තශාලා 03 ක සේවක සේවිකාවන් 487 ක් ආහාර විෂවීමෙන් අද (02) උදෑසන රෝහල් ගත කෙරුණා. ඉන් 287 දෙනෙකු හොරණ, හෝමාගම සහ පාදුක්ක යන රෝහල්වල තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඉන් බහුතරයක් කාන්තාවන්.

මෙම කර්මාන්තශාලා හතරෙහිම 2014 නව වසර වෙනුවෙන් ඊයේ දහවල් සේවක සේවිකාවන්ට දිවා ආහාරය ලබාදී ඇත්තේ එකම ආහාර සැපයුම්කරුවෙකු විසින්. දහවල් ලබාදුන් ආහාර වේලෙහි අඩංගු වූ මාංශ විසවීමෙන් මෙලෙස අදාළ කම්හල් දෙකෙහි සේවක සේවිකාවන් රෝහල් ගත කරන්නට ඇති බවයි කර්මාන්තශාලාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

------------------------------------------------------
ආහාර විසවී හොරණ, හෝමාගම සහ පාදුක්ක ඇඟළුම් සේවකයන් 487 ක් රෝහලේ.

හොරණ - පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 122 කු මේ වනවිට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. එහි අධ්‍යක්ෂශක වෛද්‍ය සමර කළුබෝවිල සඳහන් කළේ රෝහල් ගතවූවන්ගෙන් 113 දෙනෙකු කාන්තාවන් බවයි. මොවුන් වමනය සහ පාචන තත්ත්වයකින් පෙළෙන බවද ඔහු සඳහන් කළා. එම රෝගීන් රෝහලේ 4,5,8,12 යන වාට්ටුවල පරතත තිකාර ලබන බවයි රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ. මෙම සිද්ධියත් සමග හොරණ මූලික රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර සෞඛ්‍යක කාර්ය මණ්ඩලයේ නිවාඩුද අවලංගු කර තිබෙනවා.

මෙම සිද්ධියත් සමග හොරණ - පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පිහිටි අදාළ ඇඟළුම් කර්මාන්තශාලාවට අද දිනයේ නිවාඩු ලබාදී තිබෙනවා. එමෙන්ම රජයේ රස පරීක්ෂක විසින් සේවක සේවිකාවන් ලබාගත් ආහාර සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන ගොස් ඇති බවද සඳහන්.

අදාළ ඇඟළුම් කර්මාන්තශාලා දෙකටම ආහාර සපයා ඇත්තේ එකම ආහාර සැපයුම්කරුවෙකු විසින්. මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ආහාර සැපයුම්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ හෝමාගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ආහාර සැපයූ ආයතනයට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ වනවිට මුද්‍ර තබා ඇති අතර, ඉදිරියේදී ආහාර සුරක්ෂිතතා පනත යටතේ අදාළ පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා කියා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්්‍ය අංශයේ විශේෂ කණ්ඩායමක් ද පත් කළා.

මේ අතර, වෙනත් සමාගමකට අයත් දංකොටුව පර අමදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකද ආහාර විෂවීමේ සිද්ධියක් වාර්තා වුණා. දංකොටුව රෝහලට ආහාර විෂවීමන් ඇඟළුම් සේවක සේවිකාවන් 30 දෙනෙකු ඇතුළත් කළ අතර, ඉන් 06 දෙනෙකු නේවාසිකාව තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sasaren Aa Mithura - Methun SK
Sasaren Aa Mithura
Methun SK
⤵  703 Downloads

Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  6,738 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  5,211 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  2,543 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,294 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,473 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  20,364 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,303 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,934 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,723 Downloads



Top 10 Commenters

Latest Comments

Top