Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
27
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහය දීම ගැන ජවිපෙ හා ටෙලෝ සංවිධානය ගත් තීරණය මෙන්න

- අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහය දීම ගැන ජවිපෙ හා ටෙලෝ සංවිධානය ගත් තීරණය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,636 Views
අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමල ජාතික සංවිධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානය තීරණය කර තිබෙනවා.
 
ටෙලෝ සංවිධානයේ ඉහල පෙළේ නායකයන්ගේ හමුවක් ඊයේ පැවැත් වූ අතර එහිදී මෙම තීරණය ගත් බවයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් සඳහන් කළේ.
 
දෙමල ජාතික සන්ධානය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ටෙලෝ සහ ප්ලොට් සංවිධානවලින් සැදුම් ලබන අතර, ටෙලෝ සංවිධානය නියෝජනය කරමින් සෙල්වම් අඩෙක්කලනාදන් සහ කේ. කෝදීෂ්වරම් පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටිනවා.

දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර තමිල් අරසු පක්ෂය නියෝජනය කරන චාල්ස් නිර්මනලාදන් මන්ත්‍රීවරයා පසුගියදා සඳහන් කළේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට තමන් සහය පළ කරන බවයි.
 
දෙමළ ජාතික සන්ධානය යටතේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වු අයෙකු වන අතර, ඉන් එක් මන්ත්‍රීවරයෙකු ඒකාබද්ධ විපක්ෂයට සහය පළ කරමින් ඊට එක්වුණා.
 
එමෙන්ම අනෙක් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ස්වාධීනවයි.
 
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 64 දෙනෙකු අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාව පසුගියදා කථානායකවරයාට ඉදිරිපත් කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් නිදහස් පක්ෂයේ තීරණය මෙතෙක් දැනුම්දී නැහැ.
 
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා විශ්වාසභංග යෝජනාවට පක්ෂ වන බව දැනටමත් ප්‍රකාශ කර අවසන්.
 
එම පක්ෂයේ හෙක්ටර් අප්පුහාමි සහ කාවින්ද ජයවර්ධන යන මන්ත්‍රීවරුන් විශ්වාසභංගයේදී ගන්නා තීරණය මෙතෙක් නිශ්චිතව දැනුම්දී නොමැති නමුත් ඔවුන් ඊට පක්ෂවන බවට ඉඟි පළ කරමින් සිටිනවා.
 
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් හයදෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර, අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් කියා සිටියේ ඊට පක්ෂව ඡුන්දය ලබාදෙන බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,310 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,284 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,668 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,370 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,750 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,907 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,158 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,292 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,426 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,039 Downloads



Top 10 Commenters

Latest Comments

Top