ඉන්දියාව සහ පාකිස්තානය අතර ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේදී නව වාර්තාවක් පිහිටුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඒ, ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම පිරිසක් නැරඹූ තරඟය ලෙසින්.
අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය අපේක්ෂා කරන පරිදි මෙම තරඟය රූපවාහිණියෙන් නරඹන සංඛ්‍යාව කෝටි 250 ඉක්මවනු ඇති. තරඟය පැවැත්වෙන ඇඩිලේඞ් ක්‍රීඩාංගනයේ ආසන පනස් තුන් දහසම මේ වනවිට පිරී ඇති අතර, දහස් ගණනක් ප්‍රවේශපත්‍ර නොමැතිව ක්‍රීඩාංගනය අවට රැඳී සිටිනවා.
ඉන්දු - පාකිස්තාන ලෝක කුසලාන ක්‍රිකට් තරඟයේ අන්තර්ජාල ප්‍රවේශ පත්‍ර අලෙවිය අවසන් වූයේ විනාඩි 20 කට අඩු කාලයකින්.