ලෝක කුසලානය ආරම්භ කරමින් අද දිනයේ පැවැත්වුනු නවසීලන්ත ශ්‍රී ලංකා තරඟයේදී අපූරු සිදුවීමක් සිදුවුනා. ඒ තරඟය නැරඹීමට පැමිණි පුද්ගලයෙක් නොසිතූ අවස්ථාවක කෝටිපතියෙකු වීමයි.
තරඟ සංවිධායකයින් විසින් තරඟය නැරඹීමට පැමිණ සිටින තැඹිලි පැහැති විශේෂ ටී ෂර්ට් වලින් සැරසී සිටින ප්‍රේක්ෂකයින් ලබාගන්නා උඩ පන්දු වෙනුවෙන් මෙලෙස ත්‍යාග මුදලක් ලබා දීමට කටයුතු කර ඇති අතර එම දුර්ලභ අවස්ථාව අද උදාවූයේ සන්ජෙයි ගාන්දා නම් නරඹන්නාටයි.
නවසීලන්තයේ කේන් විලියම්සන් විසින් නුවන් කුලසේකරගේ පන්දුවට 6 පහරක් එල්ල කල අතර එය අහඹු ලෙස රැක ගැනීමට සන්ජෙයි සමත්වීමෙන් ඔහු මෙලෙස කෝටිපතියෙක් ඔබට පත්විය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්....