පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව වෙත පැනවුණු සංචාර අවධානම ලිහිල් කිරීමට චීනය තීරණය කර තිබෙනවා.
එලෙස සංචාරක අවධානම ලිහිල් කළ පළමු රට චීනය වන අතර, එය මෙරට බිඳ වැටුණු සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂිතයි.
රටේ ආරක්ෂක තත්වය වර්ධනය වී ඇති බැවින් මෙරට වෙත පැනවුනු සංචාර අවධානම ලිහිල් කරන ලෙස රජය විසින්ද සියළු රටවලින් ඉල්ලීමක් කර තිබුණා.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු චීනය එරට වැසියන්ට උපදෙස් ලබාදී තිබුණේ ශ්‍රී ලංකාවේ සංචාරවලින් වැළකී සිටින ලෙසයි.
එහෙත් එය දැන්, සංචාරයේදී අවධානයෙන් කටයුතු කරන ලෙස ලිහිල් කර තිබෙනවා.
චීනය, ඉන්දියාව හැරුණු කොට ශ්‍රී ලංකාව විශාලතම සංචාරක වෙළඳපොලයි. පසුගිය තුන් වසර තුළ එලෙස වසරකදී මෙරටට පැමිණිනු චීන සංචාරකයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ හැට පන්දාහක් පමණ වනවා.