Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
25
"අවුරුදු දෙක තුනකට කලින් විදෙස් සංචාරයකදී මුලින්ම එයාව මුණ ගැහුණේ, විවාහ උත්සවය මේ වසරේදීම ගන්නවා..." - තාරුකා වන්නිආරච්චි - Photos

- "අවුරුදු දෙක තුනකට කලින් විදෙස් සංචාරයකදී මුලින්ම එයාව මුණ ගැහුණේ, විවාහ උත්සවය මේ වසරේදීම ගන්නවා..." - තාරුකා වන්නිආරච්චි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,468 Views
කතාවට කියනවනේ හිත ගිය තැන මාළිගාව කියලා...
 
පුරුදු විදියට රංගන කටයුතු සිදු වෙනවා, ඒවාට තහංචි දාලා නැහැ...
 
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍යයේ මහමායාගේ චරිතය රඟපෑ තාරුකා වන්නිආරච්චි විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක සිත් ඇද බැඳගත් රංගන ශිල්පිණියක්. මේ විදියට හමුවන තාරුකා පසුගිය දා විවාහ ගිවිස ගත්තා. ඇය මේ විවාහ ගිවිස ගැනීම හදිසියේම කළේ ඇයි? ඇයගේ ජීවන සහකරුවා කවුද? තාරුකා ඒ ගැන සහ ඇයගේ ජීවිතයේ තවත් විස්තර සතිඅන්ත පුවත්පතකට කියා තිබුණේ මෙහෙමයි.

තරුකා හදිසියේම විවාහ ගිවිසගත්තේ ඇයි?
 
හදිසියේ ගත්ත තීරණ‍යක් නෙවෙයි. මෑතකදී සහභාගී වූ රූපවාහිනී වැඩ සටහන්වලදීත් මම මේ ගැන කිව්වා. ඒත් විවාහ ගිවිස ගැනීම විතරක් නිසා ප්‍රසිද්ධියක් කළේ නැහැ. විවාහ උත්සවය මේ වසරේදීම ගන්නවා. දැන් ටිකෙන් ටික ඒකට සූදානම් වෙනවා.
 
සැමියා ගැන විස්තර කිව්වොත්?
 
එයාගේ නම ජනක. ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ කටයුතු කරන්නේ...
 
කොහොමද ඒ හමුව ඇතිවුණේ?
 
අවුරුදු දෙක තුනකට විතර පෙරදී විදෙස් සංචාරයක් ගිහින් සිටියදී මුළින්ම හඳුනා ගත්තේ. මම රංගන ශිල්පිනියක් කියලා එදා එයා දැනගෙන ඉඳලා නැහැ. ඒ හමුව තමයි එදා විවාහ වීම දක්වා දුරදිග ගියේ.
 
යෝජනාව ගෙනාවේ එයාද?
 
ඔව්.
 
ඇයි තාරුකාට එයා ගැන හිත ගියේ?
 
කතාවට කියනවනේ හිත ගිය තැන මාළිගාව කියලා. මම හිතන්නේ පතාගෙන ආපු විදියට වෙච්ච දෙයක් වෙන්න ඇති. සමහරවිට දෛවයේ ලියැවිලා තියෙන්නත් ඇති.
 
විවාහ ගිවිස ගැනීමත් එක තාරුකා රංගනයට මොකද වෙන්නේ?
 
සුපුරුදු විදියට රංගන කටයුතු සිදු වෙනවා. ඒවාට තහංචි දාලා නැහැ. මගේ කාලා ලෝකයේ වැඩ ටික ඒ විදියටම කරගෙන යනවා.
 
මේ ආදරය ගැන ගෙවල්වල අය මොනවද කිව්වේ?
 
අපේ ගෙදරින් එක පාරටම මට කැමැත්ත දුන්නේ නැහැ. අපි කතා බහ කරලා තීරණ‍යක් ගත්තාට පස්සෙ එයාගේ එයාගේ සරලකම සහ නිහතමානීකම ගැන අපේ ගෙදර ඔක්කොමලා කැමති වුණා. මොනදේ තිබුණත් මනුස්සකම සහ සරලකම නැත්නම් වැඩක් නැහැ. එයා ලඟ සරලකම වගේම මනුස්සකම උපරිමයෙන් තියෙනවා. හොඳ මනුස්සයෙක්.
 
තාරුකා ආදරය ගැණ හිතන්නේ කොහොමද?
 
කෙටියෙන් කිව්වොත් දෙදෙනා අතර වූ විශ්වාසයේ බැඳීමයි. ඒ විශ්වාසය ඇති කරගන්නේ කොහොමද කියන එක අවබෝධය තිබෙන්න ඕනෑ. ඒ වගේම දෙදෙනාට දෙදෙනා අතර ඇති බැඳීම දැනෙන්නට ඕනෑ.
 
ජනකට ඔබ කෙරෙහි හිත ගිහින් ති‍යෙන්නේ ඇයි?
 
ඒ ගැන මම ඇහුවේ නැහැ. එයා කිව්වෙත් නැහැ. කෙනෙකුට හිත යන්න කැමැත්තක් තියෙන්න එපායැ. ඒ වගේම හැමෝගෙම මනසේ තියෙනවනේ තමුන් කැමති රූපයක් මැවිලා. ඉතින් එයාගේ මනසේ ඇඳිලා තිබුණු රූපය මම වෙන්න ඇති.
 
"විවාහය" යනු මොනවගේ දෙයක් කියලද හිතන්නේ?
 
සමහර විට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් වෙන්න පුළුවනි. අපි ගන්න පුංචි තීරණ පවා හරියට හිතලා බලලා ගන්න ඕනෑ. විවාහය සුන්දර වන්නෙ අපි ගන්න තීන්දු තීරණ අනුවයි. ඒ වගේම පොළවේ පය ගහලා ජීවත් වන සහකරුවෙක් එක්ක ජීවත් වෙන්න හරිම ලෙහෙසියි. එතකොට ප්‍රශ්නත් අඩුයි.
 
අද දෙන්නෙක් වීම ගැන දැනෙන්නේ කොහොමද?
 
ලොකු වෙනසක් නැහැ. එයා මට තහංචි දාලා නැහැ. සුපුරුදු සැහැල්ලුවෙන් මම මගේ වැඩ ටික කරගෙන යනවා. හැබැයි දැන් එයා නිසා මගේ වැඩ පහසු වෙලා.
 
කොහොමද ගෙදර කටයුතු?
 
තවම ඉතින් කැන්දාගෙන ගියේ නැහැනේ. හොඳ ගෘහණියක්, හොඳ බිරිඳක් වීම තමයි මගේ අරමුණ. අපේ ගෙදර ආවාම මම රසට උයලා එයාට කෑම දෙනවා. ජනක නම් කියන්නේ මම උයන කෑම රසයි කියලා. කොහොමටත් අලුත් අලුත් විදියට කෑම ජාති හදන්න මම ආසයි. හැබැයි අපේ අම්මාට තරම් මට තවම රසට උයන්න බැහැ.
 
මේ දක්වා කොපමණ නිර්මාණ සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවද?
 
මේ දක්වා නිර්මාණ 70කට විතර දායක වෙලා තියෙනවා.
 
තාරුකා මොනවගේ කෙනෙක්ද?
 
කෙටියෙන්ම කිව්වොත් හරිම සරල කෙනෙක්. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න උත්සහ ගන්න කෙනෙක්.
 
විවාහයෙන් පසුව රඟපෑම ගැන හිතන්නේ කොහොමද?
 
පුද්ගලික ජීවිතයි කලා ජීවිතයයි සමබරව කරගෙන යාම මගේ අරමුණයි. කලාවෙන් ඈත් වෙන්නෙ නම් නැහැ. මට මේ සෑම දෙයක්ම ලැබුණෙ කලාව නිසයි. ගෙදරින්වත් සැමියගෙන්වත් කලාවෙන් ඉවන් වෙන්න කියලා තහංචි නැහැ. කලාව නිසා ලැබුණු ගෞරවය නිසා හැමෝටම අවබෝධයක් තිබෙන්නේ.
 
සැමියාගේ පවුලේ අය මොන වගේද?
 
කාගෙවත් පුද්ගලිකත්වයට අත දාන අය නෙවෙයි. හරිම සරලව ජීවත් වන හොඳ කාරුණික පවුලක්.
 
සඳුන් ගමගේ
"ලංකාදීප"



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,035 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,081 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  10,371 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  783 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  465 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,203 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,366 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  977 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,408 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,189 Downloads



Top 10 Commenters

Latest Comments

Top