හොලිවුඩ් නිළියන්ව ලිංගික අපයෝජනය කළ බවට චෝදනා එල්ල වූ ලෝකප්‍රකට හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක හාවි වෙයින්ස් ටේත් හා ඔහුගේ නිෂ්පාදන සමාගම අතවරයට පත් නිළියන්ට වන්දි ගෙවා අධිකරණ කටයුතු සමථයකට පත් කරගෙන තිබෙනවා.
අදාළ සමථය සඳහා ඩොලර් ලක්‍ෂ හාරසිය හතළිහක මුදලක් එම කාන්තාවන්ට ගෙවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔහු විසින් දූෂණයට හෝ ලිංගික අපයෝජනයට ලක් කළ බවට කාන්තාවන් 75 දෙනකු චෝදනා කළ අතර සැබෑ ප්‍රමාණය මීට වඩා කීප ගුණයක් බවට සැක කෙරෙනවා.
කෙසේ වෙතත් හාවි වෙයින්ස් ටේත් තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා.
හැටහත් හැවිරිදි වෙයින්ස්‌ටේත් ඔස්‌කාර් සම්මාන දිනූ චිත්‍රපට රැසක නිෂ්පාදකවරයායි.
ශේක්‌ස්‌පියර් ඉන් ලව්, ද කිංග්ස් ස්‌පීඩ්, ද ආර්ටිස්‌ට් වැනි ලොව අතිශය ජනප්‍රිය චිත්‍රපටවල අධ්‍යක්‍ෂවරයා ද ඔහුයි.