Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
24
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හොරොව්පතානේදී ඇල්ලූ සැකකරුවන් ගැන තවත් තොරතුරු එළියට - මියන්මාරයේදීත් සැකකරුවෙකු අල්ලයි - Video

- පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හොරොව්පතානේදී ඇල්ලූ සැකකරුවන් ගැන තවත් තොරතුරු එළියට - මියන්මාරයේදීත් සැකකරුවෙකු අල්ලයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,314 Views
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41 ක රුපියල් මිලියන 134 කට අදාළ මෙහෙයුම් අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
 
ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් රුපියල් මිලියන 14 ක් සොයාගෙන ඇති බවයි.
 
එසේම, සැකකරුවන්ගේ රුපියල් බිලියන 07 ක වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
 
මෙම සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවන් 89 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 69 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත්, 20 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේත් සිටිනවා.

එමෙන්ම, පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමට ආධාර අනුබල දුන් බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු හොරොව්පතාන ප්‍රදේශයේදී අත්අංගුවට ගෙන තිබෙනවා.
 
මේ අතර, නිකවැරටිය නගරයේ වෙළදසැල් සහ නිවාස කිහිපයකට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනෙකු ලබන 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
 
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සමග සබදතා පැවැත්වූ බවට සැකපිට ශ්‍රී ලාංකිකයෙකු මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට
මාධ්‍ය වාර්තා කරනවා.
 
අබ්දුල් සලාම් ඉර්ෂාද් මොහොමඩ් නැමැති 39 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය වීසා බලපත්‍රය දීර්ඝ කර ගැනීම සඳහා ඊයේ පස්වරු 3.30 ට පමණ යන්ගොං හී පිහිටි ආගමන විගමන කාර්යාලයකට පැමිණ සිටි අවස්ථාවේදීයි.
 
මෙම සැකකරු පැමිණියහොත් දැනුම් දෙන ලෙස එරට හෝටල්වලට සහ නවාතැන්පලවලට මියන්මාර පොලිසිය සහ සංචාරක දෙපාර්තමේන්තුව දැනුම්දී තිබූ
බව මියන්මාර ඉරවඩ්ඩි පුවත් සේවය වාර්තා කර තිබුණා.
 
අදාල සැකකරු සිය වීසා බලපත්‍රය කල් ඉකුත් වීමෙන් පසු වසරකුත්ල මාස දෙකක් මියන්මාරයේ රැඳී සිට ඇති අතරල 2018 වසරේ ජනවාරි මාසයේදී සංචාරක වීසා මත මියන්මාරයට ගොස් තිබුණා.
 
කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම මෙරට ආරක්ෂක අංශ මගින් කළ දැනුම්දීමකට අනුව සිදුවූයේද යන් මෙතෙක් හෙළිවී නැහැ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  114 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,633 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  6,206 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,893 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  338 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,048 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  368 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  543 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  730 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,514 Downloads



Top 10 Commenters

Latest Comments

Top