Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
24
"සර්.. පරිස්සමින් යන්න.. මිනිස්සු බලන් ඇති සර් එනකල්... " - රෑ පුරාම නිදි වරාගෙන චෙක්පොයින්ට් එකේ හිටපු හමුදා සොල්දාදුවෙකු කී කතාවෙන් සංවේදී වූ වෛද්‍යවරයෙකු තැබූ සටහන

- "සර්.. පරිස්සමින් යන්න.. මිනිස්සු බලන් ඇති සර් එනකල්... " - රෑ පුරාම නිදි වරාගෙන චෙක්පොයින්ට් එකේ හිටපු හමුදා සොල්දාදුවෙකු කී කතාවෙන් සංවේදී වූ වෛද්‍යවරයෙකු තැබූ සටහනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

51,216 Views
"බෑග් එක බැලුවට කමක් නැද්ද සර්?"
 
"සර්...සමාවෙන්න කරදරයක් වුණා නම්..."
 
හමුදා සොල්දාදුවෙකු පිළිබඳ වෛද්‍යවරයෙකු ලියූ සංවේදී සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
 
ලක්මාල් කුලසේකර නම් වූ එම වෛද්‍යවරයා මාර්ග බාධකයකදී තමන්ට සිදු වූ සිදුවීමක් මෙසේ සටහන් කර තිබුණා.
 
එම සටහන පහතින් බලන්න....

ඊයේ උදේ පාන්දර බදුල්ලේ එන්නට මා පදවාගෙන ආ රථය තෝලංගමුව මහ විද්‍යාලය ආසන්නයේ හමුදා මාර්ග බාධකයේදී නතර කෙරිණි. තව වාහන කිහිපයක්ද නවතා තිබිණි. වෙලාව උදේ හතර හමාරට විතර වන්නට ඇත. මම වම්පස වීදුරුව හිමිහිට පහත් කළෙමි. ගිලීගිය ඇස් දෙකකින් හා විඩාබර මුහුණකින් යුත් හමුදා සොල්දාදුවෙක් මෝටර් රථය තුලට නැඹුරු විය.
 
"මහත්තය කොහෙද යන්නෙ?" රථය තුල තීක්ෂණ ඇසකින් බලනා ගමන්ම ඔහු ඇසුවේය.
 
"බදුල්ලෙ"
 
"ඩොක්ට කෙනෙක්ද?" ඔහු වීදුරුවේ අලවා තිබූ අවසරපත දකින්නට ඇත.
 
"ඔව්"
 
"අයිඩෙන්ටියක් තියද?"
 
මම මාගේ රාජකාරි හැඳුනුම්පත දුන්නෙමි.
 
"බෑග් එක බැලුවට කමක් නැද්ද සර්?"
 
"අනේ බලන්න..රෑම ඩියුටිද?"
 
ඉස්සරහට ආසනය මත තිබූ මගේ බෑගය පරීක්ෂා කරන අතරම ඔහු මා දෙස මඳ සිනහවක් පෑයේය...
 
"ඔව් සර්...සමාවෙන්න කරදරයක් වුණානම්..දන්නවනෙ රටේ හැටි මේ දවස්වල..ඒකයි මේ"
 
"ප්‍රශ්නයක් නෑ" මම සිනහවෙන්ම උත්තර බැන්දෙමි.
 
"හරි සර්..පරිස්සමින් යන්න..මිනිස්සු බලන් ඇති සර් එනකල් "
 
නැවත වාහනය පණ ගන්වාගත් මා බදුල්ලට එනතුරුම හිතට කොනිති ගැහූ වචන දෙකක් විය.
 
"පරිස්සමින් යන්න"
 
රෑ එලිවෙනකන් මහපාරේ හිටගෙන පොද වැස්සට තෙමි තෙමි වාහන ඇතුලේ බෝම්බ තිබේදැයි බෑග් අවුස්සා හොයනා සොල්දාදුවාගේ පපුව ඇතුලේ ඉන්නා මනුස්සයා හොඳ නින්දක් ලබා නැගිට නවීන මෝටර් රථයක සැපට වැඩට යන මට " පරිස්සමෙන් යන්න" යැයි කී හැටි පපුවට දැනිච්ච හැටි පුදුමය...
 
මිත්‍රවරුනි,
 
මේ මිනිස්සු බොහෝ විට මීට වඩා අන්ත දුක්ඛිත තත්ත්ව යටතේ සේවය කර ඇතුවාට සැක නැත.

ඒ වාගේ දහසක් වුන් ජීවිත පුදා අතපය පුදා අපට නිදහසේ ඉන්නට රටක් හදා දුන්නහ.
 
පාස්කු ප්‍රහාරයෙන් පසුවද උන් ඒ දේම කලහ. එදායින් මනත එක බෝ්ම්බයක් නොපිපිරුණු කතාවේ රහස මේ මිනිස්සුය.
 
කිසිදා කිසිදින නිලඇඳුම් තුල ඉන්නා හමුදාවේ මිනිස්සුන් අමතක නොකල යුත්තේ එකය...
ගැරහිය නොයුත්තේ ඒකය...
උන්ගේ පුංචි වැරැද්දකට මුලු හමුදාවක් සමච්චලයට ලක් නොකල යුත්තේ ඒකය...
 
අප දරුවන්ට කියා දිය යුත්තේ එහෙමය...
 
මන්ද,
 
උන් කරනා මෙහෙය කීයක් ලැබුණත් මටවත් ඔබටවත් කරන්නට බැරි නිසාය...
 
හමුදාවේ සොහොයුරනි,
 
මෙහෙම සිපගත්තේ නැති වුනත්
මේ අම්මා තරමටම නැති වුණත්
ඔබට ආදරය කරනා ලංකාවේ මිනිස්සු අනන්තවත් සිටිති...
 
පරිස්සමෙන් ඉන්න...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,860 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,907 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,415 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  294 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,570 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  329 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  694 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,425 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,630 Downloads



Top 10 Commenters

Latest Comments

Top