Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
24
"යාළුවෙද්දි මම බැඳපු කෙනෙක් කියලා එයා දැනගෙන හිටියේ නෑ..." - විවාහකයෙක් වූ ඉන්දික සමඟ පෙමින් වෙළුණු අයේෂා අවසන් ගමන් යැවූ හැටි ඉන්දික වමාරයි

- "යාළුවෙද්දි මම බැඳපු කෙනෙක් කියලා එයා දැනගෙන හිටියේ නෑ..." - විවාහකයෙක් වූ ඉන්දික සමඟ පෙමින් වෙළුණු අයේෂා අවසන් ගමන් යැවූ හැටි ඉන්දික වමාරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

65 Views
එයා මට පේන්න වෙන කොල්ලෝ එක්ක කතා කරන්න ගත්තා..
 
මම එයාගේ බෙල්ල මිරිකුවේ ඉවසලා බැරිම තැන....
 
පොළොන්නරුව කුරුප්පු හන්දියේ පිහිටි ඇඟලුම් කම්හලේ සේවය කළ අයේෂා කෞශල්‍යා මධුමාලි අතුරුදහන් වූයේ අප්‍රේල් මස 10 වැනි දින රාත්‍රීයේදීයි.
 
එදින උදේ රාජකාරියට වාර්තා කළ ඇය වැඩ නිමවී කම්හලෙන් පිටවන්නේ සවස හයයි තිස් දෙකට ඇඟිලි සලකුණ තැබීමෙන් අනතුරුවයි.
 
සේවය නිමවීමෙන් පසු නිවෙස්වලට යාම සඳහා මෙම ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන්ට ප්‍රවාහන පහසුකම් සලසා තිබෙනවා. එදින ඇය එම බස් රථයකට ගොඩ නොවී කම්හල් දොරටුවෙන් පිටව යන අතර ඇයගේ අතුරුදහන් වීම ගැන පුලස්තිපුර පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී ඒ බව හෙළි වුණා.

ඇය එදින නිවසට පිටත්ව ගියත් නිවසට ගොස් තිබුණේ නැහැ. එදින රාත්‍රී හතහමාරෙන් පසු ඇගේ ජංගම දුරකථනය ද අක්‍රිය වී තිබුණා. පොලීසිය විමර්ශන ආරම්භ කළේ ඇයගේ පියා වන විශ්‍රාමික යුද හමුදා සාමාජික ප්‍රේමරත්න එකොළොස්වනදා කළ පැමිණිල්ලකට අනුවයි.
 
පෙර දින රැකියාවට ගිය ඇය එදින සවස සුපුරුදු වේලාවට නිවෙසට නොපැමිණිම හේතුවෙන් රාත්‍රීය ගෙවෙන තුරු ඇය නිවසට එතැයි බලා පසුව ඇයගේ සේවා ස්ථානයට ද ගොස් විමසීමෙන් අනතුරුව ඔහු පොලීසියට පැමිණ තිබුණා.
 
ඇය එදින ඇඟලුම් කම්හලේ බස් රථයට ගොඩ නොවී පිටව යන්නේ තනිවම බවත්, එය ස්ව කැමැත්තෙන් යන බවත් පියාගේ පැමිණිල්ලට අනුව ආරම්භ කළ විමර්ශනවලදී තහවුරු වුණා.
 
ඇයගේ පවුලේ අයගෙන් මෙන්ම ඇය සේවය කළ කම්හලේ කිහිප දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගත් අතර ඇයගේ ජංගම දුරකථන දත්ත වාර්තාවක් ලබා ගැනීම සඳහා අධිකරණ නියෝග ද ලබා ගත්තා.
 
සාක්ෂි සටහන් කිරීමේදී ඇය පිළිබඳ කරුණු රැසක් හෙළි වුණා. ඉන් එකක් වූයේ ඇය වයස අවුරුදු 17 දී පමණ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක පැටලී පසුව හොර රහසේ ඔහු සමඟ පැන යාමයි.
 
ඇයට ඔහු හමුවන්නේ පොළොන්නරුවේ ඥාති නිවසකදීයි. එම නිවෙසේ පැවති වැඩිවිය පැමිණිමේ සාදයකට ඔහුද පැමිණ සිටියා. එදින දැන හඳුනාගත් මේ දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වී තිබෙන අතර පසුව ඔවුන් පැන ගොස් තිබෙනවා.
 
ඒ වන විට ඇය පාසල් අධ්‍යාපනය ලබන සිසුවියක්. වයස යන්තම් දාහතක් වූවා පමණයි. ඇයට නිත්‍යානූකුලව විවාහ වීමේ අයිතියක්ද ඒ වන විට තිබුණේ නැහැ.
 
ඇයගේ මවුපියන් ඇය පෙම්වතාගෙන් මුදාගෙන නිවසට කැඳවාගෙන එන අතර පසුව ඇය වැලිවේරිය ප්‍රදේශයේ නිවෙසක නතර කොට එම ප්‍රදේශයේ පාසලකට යවන්නේ උසස් අධ්‍යාපන කටයුතු සඳහායි.
 
එම නිවසේ හිමිකරුවන් සමඟ හිතවත් අසල්වැසි පවුලක තරුණයෙකු ඇයට හමුවන්නේ ඔය අතරතුරයි. ඔහු විදෙස්ගතව රැකියාවක නිරතව සිට පැමිණ තිබුණා. ඇය ඔහු සමඟ ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගත්තා.
 
එම සම්බන්ධයට ඇයගේ මවුපියන්ගේ ද කැමැත්ත ලැබුණා. එහෙත්... ඇය වෙනත් තරුණයෙකු සමඟ පැනගොස් දින කිහිපයකට පසු යළි කැඳවාගෙන ආ තරුණියක බව එවකට ඔහු දැන සිටියාද යන්න පැහැදිලි නැහැ.
 
උසස් පෙළ විභාගය සමත් වූ ඇය බාහිර උපාධිය හැදැරීමට ඇතුළත් වුණා. ඇය ඇඟලුම් කම්හලේ රැකියාවකට යන්නේ අධ්‍යාපන කටයුතු පටන්ගන්නා තුරු නිවෙසට වී නිකම් සිටිමට නොහැකි බව කියමිනුයි.
 
මෙම කම්හලේ සේවය කරන ඉන්දික විවාහක එක්දරු පියෙක්. ඔහු වරක් කම්හලේ සේවිකාවක සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන් ගෙන තිබුණේ අවිවාහකයකු බව කියමිනුයි.
 
කල් ගත වෙද්දි ඇය, මොහු විවාහක එක්දරු පියෙකු බව දැනගෙන තිබුණා. අනතුරුව ඇය ඔහුගෙන් ඈත්වන්නට උත්සහ කළද ඔහු ඊට ඉඩ දුන්නේ නැහැ.
 
පසුව ඇය මේ ගැන පාලනාධිකාරියට පැමිණිලි කර තිබුණා. පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ බලධාරින් ඇයගේ මවුපියන් මෙන්ම ඔහුගේ බිරිය ද ගෙන්වා ප්‍රශ්නය සමථයකට පත් කරනු ලැබුවා.
 
එම කම්හලේ සේවයට ආ අයේෂා ඔහුට හමුවන්නේ ඔය අතරතුරයි. විවාහ වීමට තරුණයෙකු සුදානම්ව සිටියත් ඇය ඉන්දික සමඟ ප්‍රේම සම්බන්ධයක පැටලෙන්නේ කුමන හේතුවක් මත ද යන්න තහවුරු නැහැ. ඇය ඔහුගේ මායා දැලට හසු වුවාද ඇය මායා දාලක් එලා ඔහු අල්ලා ගත්තාද යන්න කියන්නට දන්නේ ඒ දෙදෙනාම පමණයි.
 
පැරණි පෙම්වතා, විවාහ වීමට සිටින තරුණයා හා අලුත් පෙම්වතා යන තිදෙනාගෙන්ම කටඋත්තර ලබාගන්නට පොලීසිය කටයුතු කළා. එම කටඋත්තරවලදී ඇය විවාහ වීමට සිටින තරුණයාගේ ජංගම දුරකථනයට ඇය අතුරුදහන් වූ දිනයේ රාත්‍රී අටට එවූ කෙටි පණිවිඩයක් ගැන හෙළි වුණා. එහි සඳහන්ව තිබුණේ තමන් මීට පෙර පැන ගිය තරුණයා සමඟ යන්නට යන බවයි.
 
එහෙත්. ඇය ඔහු හමුවට පැමිණ තිබුණේ නැහැ.
 
මෙම කෙටි පණිවුඩය ඇයට හෝ එම ජංගම දුරකථනය අතට ගත් වෙනත් අයෙකුට ලිවිය හැකියි. විමර්ශන කණ්ඩායමේ සැකය වූයේ එම පණිවුඩය යවන්නට ඇත්තේ ඇයගේ ඝාතකයා විය යුතු බවයි.
 
මේ තිදෙනාගෙන්ම ඇයගේ අතුරුදහන් වීම ගැන කිසිදු හෝඩුවාවක් ලැබුණේ නැහැ. මේ අතර ඇය සේවය කළ ඇඟලුම් කම්හලේ ආරක්ෂක නිලධාරියෙකු විමර්ශන කණ්ඩායමට ඔත්තුවක් ලබා දී තිබුණා. ඒ... ඇය අතුරුදහන්ව දින කිහිපයකට පසු කඳුරුවෙල බස් නැවතුම්පොළේ දී හමු වූ බවයි.
 
"එදා මට හරියටම දිනේ මතක නෑ. අයේෂා අතුරුදහන් වෙලා දවස් කිහිපයකට පස්සෙ මම කඳුරුවෙලින් බස් එකට නගිද්දි අයේෂාත් බස් එකට නගින්න ආවා. මම එයාව දැකලා 'අයේෂා, අයේෂා' කියලා කතා කරද්දි මාව දැකලා එයා බස් එකට නගින් නැතුව ආපහු හැරිලා ගියා..."
 
මොහු කී තොරතුරට අනුව ඇය නිවසින් පිටව ගොස් වෙන කොහේ හරි සැඟවී ජිවත් වනවා විය යුතුයි. එහෙත්... ඇය එලෙස නිවස හැර දමා හොර රහසින් ජිවත් වන බව විශ්වාස කිරීමට අපහසු වන්නේ ඇය අතුරුදහන් වූ දිනට පෙර දින යතුරු පැදියක් මිලදී ගෙන තිබීම නිසයි. ඇය ගෙදරින් පිටවී රැකියාවට ද නොයා ජිවත් වීමට සැලසුම් කළේ නම් ඊට පෙර දින මොනම හේතුවකටවත් අතේ වූ මුදල් වැයකොට යතුරු පැදියක් නොගන්නා බව පැහැදිලියි.
 
අධිකරණයේ අවසරය මත ඇයගේත් ඇය ඇසුරු කළ අයගේත් විශේෂයෙන් තරුණයින් තිදෙනාගෙත් ජංගම දුරකථන දත්ත වාර්තා ලබාගෙන ඒවා විශ්ලේෂණය කරනු ලැබුවා. එවිට ඇය නිතර නිතර ඇමතුම් ලබා දුන් ජංගම දුරකථන අංකයක් පිළිබඳ හෙළිදරව් වුණා.
 
එම අංකය කාගේ දැයි සොයා බැලීමේදී හෙළි වූයේ එම මෙම ඇඟලුම් කම්හලේ සේවයේ නියුතු සුපවයිසර්වරියකගේ නමට ලියාපදිංචි වී ඇති බවයි. ඇයගෙන් ඒ ගැන පොලීසිය ප්‍රශ්න කළා.
 
"සර් ඔහොම ටෙලිෆෝන් අංකයක් මට නෑ..." එලෙස පැවසූ ඇය වැඩිදුරටත් කියා සිටියේ මෙහි සමහරුන්ට ණය මුදල් ලබා ගැනීමට අවශ්‍ය වූ තමා ඇපකරුවකු ලෙස අත්සන් තබන බවත්, එවිට සිය ජාතික හැඳුනුම්පතේ ජායා පිටපත් ලබා දෙන බවත්, එම අවස්ථාවකදී ජායා පිටපතක් උපයෝගී කරගෙන කිසියම් අයෙක් මෙම සිම් පත ලබා ගන්නට ඇති බවයි.
 
ඇය පවසන දේ සත්‍ය විය යුතුයි. අයේෂා අතුරුදහන් වූ දින රාත්‍රියේ සිට ඇයගේ ජංගම දුරකථන අක්‍රිය වී තිබුණා. එපමණක් නොව මේ සැකකටයුතු අංකයද ඒ මොහොතේ සිට ක්‍රියා විරහිතව තිබුණා. එනම් මෙම ජංගම දුරකථන දෙකම එකම දින එකම වේලාවේදි නිශ්ක්‍රිය වී තිබුණා.
 
සුපවයිසර්වරියගේ හැඳුනුම්පත් ජායාපිටපත් සොරාගෙන ඇයගේ නමට සිම්පතක් ගෙන අයේෂා සමඟ කතා කළේ කවුද? මෙම දුරකථන අංකයෙන් ඇමතුම් ගෙන තිබූ අංක අයිති අයගෙන් කටඋත්තර ගැනීමේදී ඔවුන්ට එම අංකය ගැන මතකයක් තිබුණේ නැහැ. ඒ අතර එක් අයකු සිය මතකය අවදි කිරීම නිසා එක්තරා පුද්ගලයෙකු ගැන හෙළි වුණා. ඔහු ඇඟලුම් කම්හලේ සේවය කරන ඉන්දිකයි. විවාහක එක්දරු පියෙකු වන ඔහු අයේෂාගේ වර්තමාන පෙම්වතා වනවා. එනම් ඇය අතුරුදහන් වූ පසු කැඳවූ තරුණයින් තිදෙනාගෙන් එක් අයෙකු වූයේ මොහුයි.
 
පාස්කු ප්‍රහාරය නිසා බාහිර රාජකාරි රැසක් පැවරීම හේතුවෙන් පොලීසියට මේ විමර්ශන සඳහා මසකට ආසන්න කාලයක් ගතව තිබුණා. අපරාධ අංශයේ සැරයන් පතිරත්න, එම බාහිර රාජකාරිවල යෙදෙන අතර මෙම අතුරුදහන්වීමේ විමර්ශන ද අත්හැරියේ නැහැ. සැකකටයුතු මෙම පුද්ගලයා එනම් ඉන්දික ගැන සැකය ආවේ මෙම විමර්ශනවලදී යි.
 
පසුගිය ඉරිදා (12) මොහු අත්අඩංගුවට ගන්නේ කට උත්තරයක් ලබා ගැනීමට පොලීසියට කැඳවීමෙන් අනතුරුවයි. ප්‍රශ්න කිරීමේදී තමා අයේෂා මරා පුලුස්සා දැමූ බව ඔහු විසින් පිළිගත්තා.
 
පුලස්තිපුර පොලීසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ, "මම බෙල්ල මිරිකලා එයාව මැරුවා.." ලෙසයි.
 
ඔහුගේ මඟ පෙන්වීමට අනුව අයේෂා මරා පුලුස්සා දැමූ ස්ථානය සොයා ගැනීමට පොලීසියට හැකිවුණා. එම ස්ථානයේ මළ සිරුරක් තබා විශාල ප්‍රමාණයේ අස්ථි කොටස්වත් පෙනෙන්නට තිබුණේ නැහැ. ඇය පැළඳ සිටි කරාබු යුගලත්, මුද්දත් පිළිස්සි ඉතිරි වූ කොටස් අතර වුණා. ඊට අමතරව එතැන තිබුණේ පිළිස්සි ගිය කුඩා අස්ථි කොටස් කිහිපයක් පමණයි.
 
ඔහු... ඇය අතුරුදහන් වන තරමටම සිරුර පුලුස්සා දමා තිබුණා.
 
මේ අස්ථි කොටස් හමුවූයේ ඇය සේවය කළ ඇඟලුම් කම්හලේ සිට කිලෝමීටර් හතරක් පමණ දුරින් වූ සූරිය පොළ පාරේ කුඹුරු යායක් අසළ පිහිටි ගොඩනැගිල්ලකිනුයි.
 
"එදා එයා ගාමන්ට් එකේ ඉඳලා ත්‍රීවිල් එකකින් කුරුඳුවත්ත හන්දියට ආවා. එතන ඉඳලා අපි ගියේ බයික් එකෙන්. ඔය තැනට ගිහින් කතා කර කර ඉන්දෙද්දි එයා මාත් එක්ක රංඩුවට ආවා. දැන් සෑහෙන කාලෙක ඉඳලා අපි දෙන්නා අතර බහින්බස්වීම් තිබුණා..."
 
"ෆැක්ටරියේදීත් අපි රංඩු වෙනවා. කතා කරලා ප්‍රශ්න විසඳගන්න තමයි එතන්ට ගියේ. ඒ වෙලාවෙත් රංඩුව පටන් ගත්තා. මම එයාගේ බෙලල මිරිකුවේ ඉවසලා බැරිම තැන. පස්සේ බයික් එකේ ටැංකියේ තිබුණ පෙට්‍රල් අරගෙන ඇඟට දාලා පුච්චලා මම යන්න ගියා.."
 
ඇයගේ පදිංචිය පුලස්තිපුර පොලිසියට අයත් වුවත් ඇයගේ සිරුරු කොටස් හමුවූයේ පොළොන්නරුව බල ප්‍රදේශයෙන් වීම නිසා ඉදිරි විමර්ශන සඳහා ඔහු පොළාන්නරුව පොලීසියට බාර දීමට පුලස්තිපුර පොලීසිය කටයුතු කළා.
 
විමර්ශන ඇරඹූ පොළොන්නරුව පොලීසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට පැය හතළිස් අටක රැඳවුම් නියෝග ලබා ගත්තා. එඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු සියල්ල හෙළිදරව් කළා.
 
"මම එයත් එක්ක යාලුවෙද්දි මම බැඳපු කෙනෙක් කියලා එයා දැනගෙන හිටියේ නෑ. අපි දෙන්නා ළඟින් ඇසුරු කළා.. එයා මාව බඳින්න වගේ හිතාගෙන හිටියේ. ඔය අතරේ අපි යාලුවෙලා මාස තුනක් විතර යද්දි මම කසාඳ බැඳලා ළමයෙකුත් ඉන්න තාත්තා කෙනෙක් බව එයාට ආරංචි වෙලා තිබුණා. එදා ඉඳලා තමයි අපි අතරේ ආරවුල් පටන් ගත්තේ...."
 
"එයා මාව අත්අරින්න හැදුවා. ඒත්... මම ඒකට ඉඩ දුන් නෑ. එයා නිතරම මට බනින්න පටන් ගත්තා. අපි රංඩුවෙලා තරහ වුණාට දවස් දෙක තුනකින් ආපහු යාළු වෙනවා. ආපහු රංඩු වෙනවා. ඔය විදිහට ඉන්දෙද්දි එයා මට රිද්දන්න එක එක දේවල් කළා. මට පේන්න වෙන කොල්ලෝ එක්ක ළංවෙලා කතා කර කර හිටියා. ඒ අතරේ මට බැන්නා... ටෙලිෆෝන් කළත් මට බනිනවා..."
 
"පස්සෙ මට හිතුණා මට බනින එකේ ඉවරයක් නෑනේ. මම උඹව මරලා දානවා කියලා.. එදා... එයාව මරන්න සතියකට කලින් මම පොළට ගිහින් පිහියක් අරගත්තා. ඒක බයික් එකේ හංඟලා තියාගත්තා..."
 
"දහවෙනිදා මම එයාට කෝල් කරලා කිව්වා අපි හවසට හම්බවෙලා මේ ප්‍රශ්නේ ගැන කතා කරමු කියලා. එයා ඒකට කැමති වුණා. මම එන්න කියපු තැනට එයා ආවා. අපි ඔය තැනට ගියේ බයික් එකෙන්...."
 
"එතන කුඹුරු කරලා ගොයම් කපලා පාළුවට ගිය පැත්තක්... ගොඩැල්ල වගේ තිබුණ තැන බයික් එක නවත්තගෙන කතා කර ඉන්දෙද්දි මම එකපාරටම පිහිය අරගෙන එයාගේ බෙල්ලට පාරක් ගැහුවා. එයා බෙල්ල අල්ලගෙන කෑ ගහද්දි බඩට පාරවල් දෙකක් ඇන්නා. ඒ පාරවල්වලට එයා සිහි නැතිව වගේ බිම වැටුණා..."
 
"මම එයාව ඇදගෙන ගිහින් ළඟ තිබුණ ඇලට දාලා බෙල්ල කැපුවා. ඊට පස්සේ ගොඩට අරගෙන ඇවිත් පඳුරු අස්සෙ හංඟලා මිනිය පුච්චලා දාන්න පෙට්‍රල් අරගෙන එන්න ගියා...."
 
"කෑන් එකකුත් හොයාගෙන ෂෙඩ් එකෙන් පෙට්‍රල් අරගෙන එද්දි එයාගේ මිනිය තිබුණ හරියේ කට්ටියක් ත්‍රිවිල් එකක් නවත්තන් බොනවා. මම පැත්තකට වෙලා ඒ කට්ටිය යනකන් බලාගෙන හිටියා. රෑ දහය විතර වෙද්දි ඒ කට්ටිය ගියා. මම පෙට්‍රල් දාලා එයාව පිච්චුවා. ඊට පස්සේ එයාගේ ෆෝන් එක අරගෙන කඩලා පිහියත් එක්ක එහා සොරොව්ව පැත්තට විසි කරලා මම යන්න ගියා..."
 
"දහතුන් වැනිදා මම එතනට ගිහින් බැලුවා. බලද්දි ඔලු කට්ට, කකුල්, කඳ කෑලි එහෙම තිබුණා. මම ආපහු පෙට්‍රල් දාලා ගිනි තියලා යන්න ගියා.."
 
"දාහතර වෙනිදත් මම එතනට ගියා.. ඒ යද්දිත් පොඩි පොඩි ඇට කෑලි තිබුණා. මම ආපහු පෙට්‍රල් දාලා ගිනි තිව්වා........"
 
ඔහු සියල්ල හෙළි කළා. ඔහු... ඇය සමඟ කතාබහ කළ සිම්පත ඔහු සේවය කරන ඇඟලුම් කම්හලේ අයෙකුගේ නමට ලබාගත් බවද ඔහු පිළිගත්තා. ඇයගේ පරණ පෙම්වතාට කෙටි පණිවුඩය යවා තිබුණේද ඔහු විසිනුයි. ඔහුගේ මඟ පෙන්වීමට අනුව අයේෂා ඝාතනය සඳහා උපයෝගී කරගත් පිහිය සොයාගන්නට හැකිවුණා. එහෙත් ඇයගේ ජංගම දුරකථනයේ කොටස් හමුවුණේ නැහැ.
 
කෙසේ වෙතත් අයේෂා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දික, මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
 
ඒ ඔහු පොළොන්නරුව මහේස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
 
- තක්ෂිලා ජයසේකර
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top