හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ වෙලඳසැලක් අසලට පැමිණි කිඹුලෙකු අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා.
ඊයේ (23)රාත්‍රී කාලයේදී හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගය හරහා ගමන් කළ අඩි 8 ක් පමණ දිග කිඹුලෙකු මෙලස මාර්ගයේ කාණුවට වැටී ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් කිඹුලා ගැට ගැසීමට පියවර ගෙන තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.
පසුව එම කිඹුලාව නිරුපද්‍රිතව මින්නේරිය වනජීවි නිළධාරීන් වෙන භාර දීමට ගම්වාසීන් විසින් කටයුතු කල ඇති අතර මෙම කිඹුලා හිරිවඩුන්න වැවේ සිට පැමිණ ඇති බවයි ප්‍රදේශ වාසීන් පවසන්නේ.