Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
24
"තරගයට යන්න අනුග්‍රාහකයෙක් හොයන්න ගිහිං සමහර මිනිස්සු වැරැදි දේවල් බලාපොරොත්තු වුණා.." - සුමුදු ප්‍රසාදිනී - Photos

- "තරගයට යන්න අනුග්‍රාහකයෙක් හොයන්න ගිහිං සමහර මිනිස්සු වැරැදි දේවල් බලාපොරොත්තු වුණා.." - සුමුදු ප්‍රසාදිනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,787 Views
"මම තරගයට ගියාම ගොඩක් අය ලංකාව ගැන ඇහුවා..."

"මම මගේ අතේ කළු පටියක් සහ පිරිත් නූලක් පැලඳුවෙත් ඒකයි..."

ලෝක විවාහක රූ රැජන තරගයට සහභාගි වුණා. ඇත්තටම ඒක ගොඩක් හොඳ අත්දැකීමක්. මම 2012දී මිස් වර්ල්ඩ් තරගයට සහභාගි වුණා. මිස් වර්ල්ඩ් සහ මිසිස් වර්ල්ඩ් තරග දෙක ගත්තම ඒ දෙක එකිනෙකට වෙනස්. මේ තරග දෙකටම මට යන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. මම මෙවරත් වටිනා අත්දැකීමක් ලබාගත්තේ. ගොඩක් අය මං ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. මමත් ගොඩක් මහන්සි වුණා. නමුත් අපිට රටෙනුත් ලොකු සහයෝගයක් ඕන.

රටක් නියෝජනය කරන්න යද්දී ඔබට ලැබිච්ච අනුග්‍රහය ගැන සතුටු වෙන්න බැරිද?
මාව සාමාන්‍ය තරමින් දන්න නිසා මගේ ඇඳුම් ටික හදාගන්න පුළුවන් වුණා. නමුත් ඇමෙරිකාව වගේ රටක හරි වියදම්. මගේ ඩිරෙක්ටර් මට පැජන්ට් එකට යන්න ටිකට් එක අරන් දුන්නා. නමුත් මේ පාර අනුග්‍රාහකයන් හොයන්න යද්දී මට පුදුම විදියට දුක හිතුණා. සමහර මිනිස්සු වැරැදි දේවල් බලාපොරොත්තු වෙනවා. මම ලංකාවෙ පැවැත්වුණ තරගයෙදී වගේම මේ තරගයෙදීත් මිනිස්සු ගැන හොඳට හඳුනා ගත්තා. අනුග්‍රාහකයන් හොයන්න පුදුම  කට්ටක් කෑවේ. අපි දිනලා ආවොත් සතුටු වෙන්න අය ඉන්නවා. නමුත් ලංකාවෙන් පැජන්ට්වලට යන අය හරිම අමාරුවෙන් යන්නේ. අපි ලංකාව නියෝජනය කරන්නනේ යන්නේ. අනෙක් රටවල අයට නම් රජයෙන් සහ වෙනත් අනුග්‍රාහකයන් උදවු කරලා තිබ්බා. නමුත් මට උදවු කළේ නැහැ.

ඔබ මේ තරගයට සහභාගි වෙන්නේ ලංකාව අනාරක්ෂිත තත්ත්වයක තිබුණ අවස්ථාවක. ඔබට එය කොහොමද බලපෑවේ..?
ඇත්තටම ඒ තිබ්බ පසුබිම එක්ක මට අන්තිම මොහොතේ තමයි හැමදේම ලෑස්ති කරගන්න පුළුවන් වුණේ. මම තරගයට ගියාම ගොඩක් අය ලංකාව ගැන ඇහුවා. ගොඩක් අය මට කතා කළේ “ශ්‍රී  ලංකා” කියලා. එයාලටත් පුදුමයි ලංකාව වගේ රටකට මේ වගේ ප්‍රහාරයක් එල්ල වුණේ ඇයි කියලා. තරගයේ හිටපු අය ලංකාවට බලපාපු තත්ත්වය ගැන දුක ප්‍රකාශ කළා. මමත් එහේ හිටියට මගේ රටේ ජනතාව එක්ක හිටියේ. මම මගේ අතේ කළු පටියක් සහ පිරිත් නූලක් පැලඳුවෙත් ඒකයි.

ඔබ පවුල වෙනුවෙන් කැපවෙන කෙනෙක්. දරුවා ලංකාවේ තියලා තමයි ඔබට මේ තරගයට යන්න සිද්ධ වුණේ..?
ඔව්. මගේ පුතාව දාලා මම දුර රටකට ගියේ පළමුවැනි වතාවට. මං නැතුව එයාට ඉන්න වුණා. ලංකාවේ තිබ්බ තත්ත්වය එක්කත් මට එයාලව ඈත්  කරලා ඉන්න හරිම අමාරු වුණා. මට හැමවෙලේම ඇඬෙනවා. අපි අලුත් ගෙයක් හදපු නිසා ඒ වියදම්වලට අපි හිරවෙලා හිටියේ. ඒ නිසා පවුලේ අය එක්ක මට මේ ගමන යන්න බැරි වුණා. මම ගියේ අමන්දා එක්ක. එයා මට ලොකු සහයෝගයක් දුන්නා. මගේ සැමියාගෙනුත් මට පුදුම සහයෝගයක් ලැබුණේ. එයා නැත්තම් මට මේ කිසි දෙයක් හරියට කරගන්න අපහසු වෙනවා.

ඔබට ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි වීම ගැන දුකක් නැද්ද?
දුකක් තියෙනවා. නමුත් මට ඒ ගැන පසුතැවෙන්න හේතුවක් නැත්තේ මම ඒ වෙනුවෙන් උපරිම කැපවුණු නිසා. වාසනාවත් බලපානවනේ. එදා මගේ දවස නෙවෙයි වෙන්න ඇති. කොහොම වුණත් සල්ලි දීලත් එක් තරග ඉසව්වක් සඳහා ලැබෙන ජයග්‍රහණයක් හෝ අවසන් 12 දෙනා අතරට එන්න හෝ හැකි වෙන අවස්ථාවත් තියෙනවා. මේ සැරේ මිසිස් වර්ල්ඩ් තරගයේ ඇමෙරිකාවෙන් විතරක් හතරදෙනෙක් හිටියා. ඒ අතරින් තුන්දෙනෙක් ඊලග 12 අතරට ආවා. හැම රටකම අය ඒ අසාධාරණය ගැන කතා කළා. හිතුවෙවත් නැති කිහිපදෙනකුත් ඒ අතරට ආවා. ඇත්තටම මට ජයග්‍රහණයක් නොලැබුණාම ඒ තරගයේ හිටපු සංවිධායකයන් ඇඬුවා. තරගයේ හිටපු සමහර අයත් දුක්වුණා. මොකද ඒ අය මට හරි ආදරෙයි.

රෝසි සේනානායකගෙන් පස්සේ ලෝක රූ රැජන කිරුළක් තාම කාටවත් ලංකාවට ගේන්න බැරිවුණා. ලෝක රූ රැජන තරගයකට සහභාගි වුණ ඔබට එයට හේතුවක් දැනෙනවද?
මිසිස් වර්ල්ඩ් තරගය මිස් වර්ල්ඩ් තරගය තරම් උඩට ඇවිත් නැති වෙන්නේ සල්ලි හම්බවුණොත් තමයි ඔවුන්ට එය ලොකුවට කරගන්න පුළුවන් වෙන්නේ. මේ පැජන්ට් එකට වඩා හොඳට ලංකාවේ ෂෝ එක කරලා තිබ්බා. මේ පාර මිසිස් වර්ල්ඩ් කිරුළ හිමිවුණේ වියට්නාමයට. වියට්නාම් තරගකාරියගේ ඩිසයිනර් වගේම ඒ රටේ කෙනකුත් විනිශ්චය මණ්ඩලයේ හිටියා. ඉතිං අපි හිතාගෙන හිටියා එයා කිරුළ දිනාගනියි කියලා. ඒ වගේම මේ තරගයේ නීති තිබ්බා. වෙලාවට ආවේ නැත්තම් ලකුණු කපනවා කිව්වා. නමුත් වියට්නාම් තරගකාරිය දවසක්ම රිහර්සල් ආවේ නෑ. වියට්නාම් තරගාකාරියට කිරුළ ලැබුණට කමක් නෑ. ඇය ලස්සනයි. නමුත් අසාධාරණකම් සිදුවුණ අවස්ථා අපි දැක්කා.

ඔබ අලුත් බිස්නස්  එකකුත් පටන් ගත්තා කියලා ආරංචියි..?
ඔව්. මම Beautify With sumudu  කියලා ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒකේ පාඨමාලා හතරක් තියෙනවා. කාන්තාවකට දරුවෙක් ලැබුණට පස්සේ ඇඟ ලස්සනට හදාගන්නේ කොහොමද ලස්සනට ඉන්නේ කොහොමද කියලා පළමු පාඨමාලාවෙදි කියලා දෙනවා. දෙවැනි පාඨමාලාවෙදි වෙඩින් එකකට ලෑස්ති වෙන්නේ කොහොමද කියන දේ වගේම තුන්වැනි පාඨමාලාව පැජන්ට් ට්‍රේනින් සහ මොඩ්ල් සඳහා වෙන්වෙලා තියෙනවා. හතරවැනි පාඨමාලාව ෆිට්නස් මේන්ටේන් සඳහා වෙන්වෙන්නේ. බියුටි සහ ටඪබදඥඵඵ පැත්ත අනිවාර්යයෙන් අවධානය යොමු කරනවා.

කලා කටයුතු පැත්තෙන් අලුත් යමකට සම්බන්ධ වුණේ නැද්ද..?
ටෙලි නාට්‍යයක පළමුවැනි ෂෙඩුල් එකේ රූගත කිරීම් නිම කළා. ඉතිරි රූගත කිරීම් ළඟදීම පටන් ගනියි. ඒ වගේ හොඳ නිර්මාණ ලැබුණොත් මම සම්බන්ධ වෙනවා.

තිළිණි කෞශල්‍යා  විජේසිංහ
මව්බිම




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,035 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,082 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  10,387 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  784 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  466 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,203 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,367 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  977 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,411 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,189 Downloads



Top 10 Commenters

Latest Comments

Top