Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
දෙවන වරටත් අගමැති වෙමින් නරේන්ද්‍ර මෝදිට විශිෂ්ඨ ජනවරමක් - රාහුල් ගාන්ධි නිළියකට පරදී - Photos

- දෙවන වරටත් අගමැති වෙමින් නරේන්ද්‍ර මෝදිට විශිෂ්ඨ ජනවරමක් - රාහුල් ගාන්ධි නිළියකට පරදී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,323 Views
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විශිෂ්ඨ ජනවරමක් ලබාගනිමින් දෙවන වරටත් එරට අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වුණා.

අද ප්‍රකාශයට පත් කෙරුණු ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 343ක්, ජයගත් අතර රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොංග්‍රසය ප්‍රමුඛ විපක්ෂ ප්‍රගතිශීලි සන්ධානයට ජයගත හැකිවූයේ ආසන 88 ක් පමණයි.
 

වෙනත් දේශපාලන පක්ෂ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 111ක් දිනාගනු ලැබුවා.

ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීම අප්‍රේල් 11 වැනිදා ආරම්භ වූ අතර, එය අවසන් වූයේ පසුගිය 19 වැනිදායී.

ප්‍රාන්ත විස්සක ඡන්ද කොට්ඨාශ 91ක අදියර 04ක් යටතේ පැවති මැතිවරණයේදී ඡන්ද දායකයින් මිලියන 600ක් ඡන්දය භාවිත කර තිබුණා.

අපේක්ෂකයින් 8000ක් මැතිවරණයට තරඟ වැදුණේ දේශපාලන පක්ෂ 670 ක් නියෝජනය කරමින්.

රජයක් පිහිටුවීමට නම් දේශපාලන පක්ෂයක් හෝ සන්ධානයක් ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක් සභාවේ ආසන 543න් 272ක් ලබාගත යුතු අතර, නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානය එය පසුකර ගියේ එම සංඛ්‍යාවට වඩා ආසන 71 ක් දිනාගනිමින්.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියතාවය උරගා බැලීමක් ලෙස මෙවර ඉන්දීය මහ මැතිවරණය දේශපාලන විචාරකයින් හඳුන්වනු ලැබුවා.

ඒ අනුව වාරණාසී කොට්ඨාශයෙන් තරඟ වැදුණු නරේන්ද්‍ර මෝදි ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා ඡන්ද තුන් ලක්ෂ 2,175 ක් ලබාගැනීම විශේෂත්වයක්.

විපක්ෂයේ ජනප්‍රියම අපේක්ෂකයා වූ රාහුල් ගාන්ධි තමන් තරඟ වැදුණු ආසනය දෙකෙන් එකක් වන අමෙති ආසනය පරාජයට පත්වුණා.

ඔහු සමඟ තරඟ වැදුණු ජනප්‍රිය නිළියක වන භාරතීය ජනතා පක්ෂ අපේක්ෂිකා ඉස්මිතා ඉරානි රාහුල් ගාන්ධිට වඩා එහිදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව 11,226ක්.

රාහුල් ගාන්ධිගේ මව වන සෝනියා ගාන්ධි, රායිබලෙරි කොට්ඨාශය ජයගත්තේ සිය ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා ඡන්ද 86,906 ක් ලබාගනිමින්.
භාරතීය ජනතා පක්ෂයෙන් තරඟ වැදුණු හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ජනප්‍රිය කලාකරුවන් වන හේමමාලිනි, සනී ඩියෝල්ද මෙවර ලෝක් සභාවට තේරී පත්වීම විශේෂත්වයක්.

නරේන්ද්‍ර මෝදි ජයග්‍රහණය කිරීමත් සමඟ ඉන්දීය කොටස් වෙළඳපොලේද පළමු වරට පෙර නොවූ විරූ තරමේ වර්ධනයක් පෙන්නුම් කළා.

මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය යටතේ දෙරට අතර සබඳතා ශක්තිමත් කරමින් ඉදිරියට යෑමට බලාපොරොත්තු වන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සුබපැතුම් එක්කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,035 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,082 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  10,385 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  783 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  466 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,203 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,367 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  977 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,409 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,189 Downloads



Top 10 Commenters

Latest Comments

Top