Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
ජනපති සමාවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් - (Update) - Video & Photos

- ජනපති සමාවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් - (Update) - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,518 Views
සිර දඩුවම් නියමවී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව හිමිවීමෙන් පසු බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා.

ආරක්ෂක අංශ උපදෙස් පිළිපදිමින් බන්ධනාගාරයේන් උන්වහන්සේ පිටත්ව ගොස් ඇති බවයි පුජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් කියාසිටියේ.

ඥානසාර හිමියන් ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් මුණගැසීම සඳහා මේවන විට පිටත්ව ගොස් ඇතැයි ද ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ප්‍රකාශ කළා.  

අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ලවූ ඥාණසාර හිමියන්ට බරපතල වැඩසහිත වසර 19 ක සිර දඩුවමක් 2018 වසරේ අගෝස්තු 18 වනදා නියම වුණේ වසර හයකින් ගෙවී යන පරිදියි.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්දැයි විභාග කරන ලෙසට ඉල්ලනු ලැබුවේ එවක හෝමාගම මහේස්ත්‍රාත්ව කටයුතු කළ වත්මන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායකයි.

ඒ අනුව අභියාචනාධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගයකට අනුව නීතිපතිවරයා ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා 4ක් යටතේ නඩු ගොනු කර තිබුණා.

මීට පෙර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කර තිබූ මාස 6 ක සිර දඩුවම් වසර 5 කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය පසුගියදා නියෝග කළා.

ඒ, මෙම සිර දඩුවමට එරෙහිව ඥානසාර හිමියන් ඉදිරිපත් කර තිබූ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.




-----------------------------------------


ඥාණසාර හිමියන් නිදහස් කිරීමේ නියෝගය බන්ධනාගාරයට ලැබෙයි - නිදහස්වීම ගැන වැඩිදුර තොරතුරු මෙන්න - Video & Photos
2019-05-23 17:25:34

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීම සඳහා ජනපති අත්සනින් යුතුව නිකුත්කළ නියෝගය තමන්වෙත ලැබුණු බව බන්ධානාගාර කොමසාරිස් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් පවසනවා

මේ අතර නිදහස් වී පිටතට පැමිනෙන ඥාණසාර හිමියන් පිළිගැනීමට උන්වහන්සේගේ මව මහා සංඝරත්නය සහ සිවිල් නියෝජිතයන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණ සිටිනවා.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,860 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,907 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,415 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  294 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,567 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  329 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  694 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,424 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,630 Downloads



Top 10 Commenters

Latest Comments

Top