Dutee Chand කියන්නේ වයස අවුරුදු 23ක යුවතියක්. ඉන්දියාවේ Jajpur හි උපත ලැබූ ඇය ලෝකයට විවර වෙන්නේ යකඩ ගැහැනියක් හැටියටයි.
2020 ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් සදහා සුදානම් වෙන ඇය මුළු ආසියාවේම කතාබහට ලක් වූ යුවතියක් බවට පත් වෙන්නේ මීටර 100 ඉසව්වෙන් ඉදිරිපත් වෙන හැම තරගයකින්ම ජය ගත්ත නිසාම නෙමෙයි.
ඇය සමලිංගික කාන්තාවක් ලෙස සටනක යෙදුනු නිසයි. පසුගිය කාලයේ සමලිංගික විවාහ නීතිගත කරන්න කියා ඉන්දියාවේ ඉහලම උසාවියට යන්නත් ඇය පසුබට වුනේ නැහැ. ඒ වගේම පසුගිය වර්ෂයේ පැවති ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම් දෙකක් ගන්න තරම් ඇයට හයියක් තිබුනෙත් ඒ නිසා බව ඇය පවසනවා. ඉන්දියාවේ ප්‍රථම සමලිංගික මලල ක්‍රීඩා පදක්කම් ලාභීනියක් හැටියටයි ඇයව දැන් ලෝකයම හදුන්වන්නේ.
"මගේ ලගින් ඉන්නේ කවුරුන්ද කියලා මට පසුගිය කාලයේ වටහා ගන්න පුළුවන් වුනා. මම විශ්වාස කරනවා අපේ නිදහස ලැබෙන කෙනෙක් එක්ක අපි නිදහසේ ජිවත් වෙන්න ඕන. එහෙම කෙනෙක් හොයා ගන්න අපට නිදහස තියෙනවා කියලත්. ඒ ආදරේ තියෙන්නේ සමලිංගික කෙනෙක් ලග නම් ඒ ආදරේ ලබා ගන්න පසුබට වෙන්නත් හොද නැහැ. ඒ ආදරේ විදින්න ඕන. මම ඒ ආදරේ නිසා තමයි ධාවනයේදී වේගවත්ම ඉන්දියානු යුවතිය බවට පත් වුනේ. මම ඕනෑම වෙලාවක සමලිංගික ඇසුරු වෙනුවෙන් කතා කරන්න සටන් කරන්න සුදානම්..මම වසර තුනකට පෙර ගමේම යුවතියකට ආදරේ කළා. මගේ වැඩිමහල් අක්කා එය හෙළි කරනවා කියලා මට තර්ජනය කළා. ඉන්දියානු රුපියල් ලක්ෂ 25ක් ඉල්ලලා. මම පොලිසියට ගියා. ඒ හේතුව නිසා තමයි මම සමලිංගික යුවතියක් විදිහට පිළිගත්තේ..දැන් මම සමලිංගික යුවතියක් කියන්න ලජ්ජා වෙන්නේ නැහැ.."
ඇය මාධ්‍යට එලෙසින් පවසා තිබෙනවා