තිරගත වීමට නියමිත PM Narendra Modi චිත්‍රපටයේ මෝදිගේ චරිතයට පන පොවන ජනප්‍රිය බොලිවුඩ් නළු විවේක් ඔබ්රෝයි මේ දවස්වල බොහෝ දෙනෙක්ගේ ඇනුම් බැනුම් වලට ලක් වෙලා ඉන්නවා කියලා තමයි ආරංචිය. එකට හේතුව වෙලා තියෙන්නේ විවේක් පහුගිය දවස්වල කරලා තියන වැඩක් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
සුපිරි බොලිවුඩ් නිළි ආශ්චර්යා රායි බච්චන්, තමන් සහ පුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් සමග පවත්වපු ආදර සම්බන්ධතා ගැන කියමින් තේරුමක් නැති විදිහේ කතාවක් පහුගිය දවසක එයාගේ ට්විටර් ගිනුමක එකතු කරලා තියනවා.
හැබැයි දැන් ගිහින් බැලුවා කියලා ඔයාලට ඒක දකින්න ලැබෙන්නේ නෑ. මොකද හිතපු නැති විදිහට ඒ කතාවට ලබන ප්‍රතිචාර නිසා විවේක් විසින්ම ඒ පෝස්ට් එක ඉවත්කරගෙන තිබෙන නිසා.
මේ කතාව දැකපු සුපිරි බොලිවුඩ් තරු ගණනාවක්ම ප්‍රසිද්දියේම විවේක්ට විරුද්ධව දේවල් පල කරලත් තිබුනා. විවේක් මේ කරලා තියෙන්නේ හරිම ලැජ්ජා නැති වැඩක් වගේම තමන්ට අදාල නොවන දෙයක් කියලයි හැමෝම කියා තිබෙන්නේ.
කොහොම වුනත් සිද්ධියෙන් පස්සේ අර කලින් කියපු ට්වීට් එක ඉවත් කරන්න කලින් මේ ගැන සමාව ඉල්ලමින් විවේක් නැවත වතාවක් ට්විටර් ගිණුමේ මෙන්න මේ විදිහට සටහනක් කරලා තියනවා.
“Sometimes what appears to be funny and harmless at first glance to one, may not be so to others. I have spent the last 10 years empowering more than 2000 underprivileged girls, I cant even think of being disrespectful to any woman ever. Even if one woman is offended by my reply to the meme, it calls for remedial action. Apologies, tweet deleted.”
කොහොම වුනත් Anupam Kher, Esha Gupta, Sonam Kapoor වගේ තරු බොහොමයක් මේ ගැන ප්‍රසිද්ධියේම විරුද්ධව කතා කරපු කිහිප දෙනෙකුටම විවේක් ටිකක් තද වචනයෙන් උත්තර දීලා තියනවා කියලත් දැනගන්න ලැබෙනවා.