පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත් කළ සමාජිකයන්ගේ නම් කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුව ආරම්භ කළ අවස්ථාවේදී දැනුම් දුන්නා.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ සභාපතීත්වයෙන් යුත් මෙම තේරීම් කාරක සභාවේ සෙසු සාමාජිකයන් සංඛ්‍යාව 07 ක්.
මේ අතර මෙම තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව සති දෙකක් ඇතුලත ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතානායක කරූ ජයසූරියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එමෙන්ම අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා. කතානායක කරූ ජයසූරිය කියා සිටියේ මෙම විවාදයට ජූනි මස 18 සහ 19 යන දින ලබාදිය හැකි බවයි.