Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
"මම කාලයක් මහණ වෙනවා කියලා හිතුවා, ඒත් දැන් මහණ වෙන්න බැහැ දරුවොත් එක්ක බැඳීම් වැඩි නිසා ..." - අශිකා මතසිංහ - Photos

- "මම කාලයක් මහණ වෙනවා කියලා හිතුවා, ඒත් දැන් මහණ වෙන්න බැහැ දරුවොත් එක්ක බැඳීම් වැඩි නිසා ..." - අශිකා මතසිංහ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,176 Views
"අපි බැඳලත් අවුරුදු 10 වෙනවා..."

"ඇතමුන් යුද්දේ ඉවර වුණහම ඔවුන්ව අමතක කරල දැම්මා..."

අශිකා මතසිංහ කියන්නේ වෙළෙද දැන්වීමකින් අතිශය ජනප්‍රිය වෙලා රංගනයට අවතීර්ණ වුනු රංගන ශිල්පිණියක්. පුංචි තිරයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන අශිකා දැන් සිනමා තිරයෙනුත් දැකගන්න ලැබෙනවා. මේ අශිකා ගැනයි.
 
ආශිකා මේ දවස්වල මොකද කරන්නේ ?
සාමාන්‍ය විදිහට ඉන්නවා. එක නාට්‍යක රූගත කිරීම් අවසන් වුනා. මගේ අලූත්ම සිනමාපටයත් තිරගත වීම් ආරම්භ කළා ,සුභා තෙරණියෝ, කියලා. වෙසක් පෝයට තමයි ප්‍රදර්ශනය ආරම්භ වුනේ. ලොකු චරිතයක් නෙවෙයි වුණත් මං හරි ආසාවෙන් කරපු නාට්‍යයක්. මාස ගණනාවක් මස් මාළු නොකා පේ වෙලා මම ඒ චරිතය කළේ. එක මගේ ජීවිතේට ලැබුණු සුවිශේෂී චරිතයක්. මම පුදුම ආසාවකින් සහ භක්තියකින් ඒ චරිතය කළේ.
 
හිතේ අසාවක් කලින් තිබුණද මෙහෙණින්වහන්සේ නමකගේ චරිතය කරන්න ?
ඇත්තෙන්ම ඔව්. එක කාලෙක ඉඳන් හිතේ තිබුණ ලොකු ආසාවක්. හරි පුදුමයි ඉතින් ඒක ලැබුණු විදිය. සිවුර චරිතකට හරි දැම්මා කියන එක හිතට හරි අමුතු හැගීමක්. මම ඇත්තටම කිසිම කෙනෙක්ට වැරැද්දක් කරන කෙනෙක් නෙවෙයි. මම දරුවන්ට කියල දීලා තියෙන්නෙත් එහෙම ඉන්න කියලා. ඒ හින්දම මම ගොඩක් පිං කරල තියෙන්න ඇති ඒ චරිතය මට ලැබෙන්න.
 
සැබෑ ජීවිතයේ ඔබට මෙහෙණියක වෙන්න හිතලා නැද්ද ?
බඳින්න ඉස්සරවෙලා ඇත්තටම එ කාලේ එහෙම හිතුණා. කොහොමත් මම පොඩි කාලේ ඉඳන්ම ආගම දහමට ලැදියි. ඒත් සුරේන්ද්‍ර හම්බවුණාට පස්සේ ඒවා ඉතිං වෙනස් වුණා. මොකද සුරේන්ද්‍රගේ අම්මා ගැනත් හිතන්න වුණා. කලකිරීමක් නෙවෙයි ඒකට හේතුව. දැන් ඉතිං ඒ තැනට යන්න බෑ. ලබන ආත්මෙදිවත් මහණ වෙනවා කියලා හිතලා තියෙන්නේ. මොකද දැන් දරුවොත් එක්ක බැඳීම් වැඩියි. මැයි 25 වැනිදාට අපි බැඳලත් අවුරුදු 10 වෙනවා.
 
ආශිකා ආගමට තියෙන ලැදියාව කොයි වගේද?
මං කොහොමත් මට පුළුවන් විදියට මට දෙන්න පුළුවන් දේවල් දන් දෙනවා. අහල පහල අයට වුණත් මං එහෙම තමයි. මට පුළුවන් තරමින් හැම වෙලාවෙම මම ආගමානුකූලව තමයි ජීවත් වෙන්නේ. මම මගේ ළමයින්ට වුණත් කියලා දීලා තියෙන්නේ ඒ විදියට ඉන්න කියලා. මට කියලා ගොඩක් දේවල් නැහැ. තවමත් සාමාන්‍ය විදිහට ජීවත්වෙනවා. ඕනෑවට වඩා කිසිම දෙයක් බදාගන්න යන කෙනෙක් නෙවෙයි.
 
අම්මා කෙනෙක් විදියට දරුවන් යහමගට යවන්න ඔබ කරන කැපකිරීම් ගැන කිව්වොත් ?
මං හිතන විදිහට දෙමව්පියන් ගුරුවරුන් හැමදෙනාගේම යුතුකම තමයි ළමයි පොඩිකාලෙ ඉදන්ම හරිමග යවන එක. අද මේ රටේ මේ වෙලාතියෙන දේටත් මූලික හේතුව ළමයි හරිමග නොයවපු එක. මගේ ළමයින්ට මම හැමවෙලාවේම මම ඒ දේවල් හරියට කියලා දෙනවා. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න මං උගන්වලා තියෙනවා. හැමතිස්සේම පන්සිල් පද පහට අනුවම ජීවත්වෙන්න කියලාදීලා තියෙනවා. මම ඇත්තටම ඔවුන්ට ජීවිතේ යථාර්තය කියලාදීලා තියෙන්නේ. මහත්තයත් ආගමට ලැදි නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව මම ළමයි බලාගන්නවා.
 
රණවිරුවෙකුගේ බිරිඳක් වීම ඔබට දැනෙන්නේ කොහොමද ?
කලින් යුද්දේ අවසන් වෙලා සතියකට පස්සේ මගේ වෙඩින් එක තිබුණේ. ඇත්තටම ඔහු රට වෙනුවෙන් කරන සේවාව ගැන මට ගොඩක් ආඩම්බරයි. ඔහු රට වෙනුවෙන් හිතන විදිහ ගැන මට ආඩම්බරයි. මගේ දරුවන්ට වුණත් දකින්න ලැබෙන්නේ ජාතික වීරයෝ. ඇතමුන් යුද්දේ ඉවර වුණහම ඔවුන්ව අමතක කරල දැම්මා. ඔවුන් එහෙම කරන්න ඕනෑ අය නෙවෙයි. ඔවුන් හරි උගත් මිනිස්සු. හැමවෙලාවෙම ඔවුන් රට වෙනුවෙන් වැඩ වල ඉන්නේ. ඔවුන් තමයි සැබෑ ජාතික වීරයෝ. ඇත්තෙන්ම මට ඔහු ගැන ලොකු ආඩම්බරයක් තියෙන්නේ.
 
ප්‍රසංග මාභරණ
දිවයින




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  116 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,638 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  6,210 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,901 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  338 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,049 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  368 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  543 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  730 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,514 Downloads



Top 10 Commenters

Latest Comments

Top