එකට මත්පැන් පානය කළ පියපුතු දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුතා විසින් පියාගේ ඔළුව කොන්ක්‍රිට් පාරේ ඇන බරපතළ තුවාල සිදුකර තිබෙනවා.
තුවාල ලැබු පියා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතළ බව රොහල් ප්‍රකාශකයෙකු සදහන් කරයි.
පනස්හත් හැවිරිදි පියා පළාත් පාලන ආයතනයක සේවය කර විශ්‍රාම ලැබුවෙක් වන අතර පුතා තිස්එක් හැවිරිදි වඩු කාර්මිකයෙක් බවයි සදහන් වන්නේ. වෙසක් පෝය නිමිත්තෙන් මේ දිනවල මත්පැන්හල් වසා ඇති නිසා දෙදෙනා වැඩි මිලට මත්පැන් බෝතලයක් ගෙනැවිත් පානය කිරිමෙන් පසු ආරවුලක් ඇතිකර ගෙන ඇති බවත් එය දුරදිග යාමෙන් පසු පුතා පියාගේ ඔළුව අල්ලා කොන්ක්‍රිට් පාරේ තුන්පාරක් ඇන ඇති බවත් පොලිසිය පවසයි.
පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ සැකකරුගේ මව පියාහැර ගොස් සිටින අතර සැකකරුගේ බිරිඳද ඔහු හැරගොස් සිටින බවයි. සැකකරුට මේ වනවිට ස්ත්‍රි දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩුවක් පවතින බවද අනාවරණයවි ඇතැයිද පොලිසිය පවසයි.