Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
නිවුන් සොයුරියන් සමග පාසලේ පඩිපෙළ නගිමින් සිටි සිසුවිය ඇති වූ හදිසි හෘදයා බාධයකින් මිය යයි

- නිවුන් සොයුරියන් සමග පාසලේ පඩිපෙළ නගිමින් සිටි සිසුවිය ඇති වූ හදිසි හෘදයා බාධයකින් මිය යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,985 Views
කොළඹ බෞද්ධ කාන්තා විදුහලේ ඉගෙනුම ලබමින් සිටි  14 හැවිරිදි ලොසානි කළුතරවිතාන නමැති පාසල් දැරියක් 21 දා උදේ පාසලේදී එකම පන්තියේ ඉගෙනුම ලබන තම නිවුන් සොහොයුරියන් දෙදෙනා සමග පන්ති කාමරයට යාමට තරප්පු පෙළ නගිමින් සිටියදී අතිවූ හදිසි හෘදයා බාධයකින් අනතුරුව කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව ජාඇල පොලිසිය පවසයි.

ජාඇල පොලිසිය පවසන අන්දමට ඉදිරි පත්වූ සාක්ෂි හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව දැරිය හදසියේ ඇතිවූ හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවයි. කොළඔ නාගරික හදිසි මරණ පරීක්ෂණ සිදු කර ඇත්තේ මොහමඞ් අස්රෆ් රූම් මහතායි.

සිද්ධිය සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ මියගිය දැරිය සමග සිටි නිවුන් සෙහොයුරියෝ දෙදෙනා පවසා සිටියේ,

"ඊයේ උදේ පාසලේදී පන්තියට යෑමට තරප්පු පෙළ නගමින් සිටියදී පපුව ටිකක් රිදෙනවා කීවා. පන්තියට ගිය පසු ඩෙස්ක් එකට ඔළුව තබාගෙන ටික වෙලාවක් සිටියදී ඇයට සිහිය නැතිවුණා. ඒ සැනින් අපි ඒ පිළබඳව ගුරුතුමියකට කීවා..."

මිය ගිය දැරියගේ පියා වන මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයකු වන චාමර කළුතරවිතාන මහතා මෙසේ පවසා සිටියේ,

"මා සිද්ධිය වූ දින උදයේ සුපුරුදු පරිදි නිවුන් දියනියන් තිදෙනා ජාඇල සිට ගමන් ගන්නා පාසල් වෑන් රථයට ඇරලූවා. ඒ අවස්ථාවේ දියනිය කිසිම ලෙඩක් පෙන්නුම් කළේ නෑ. දුවට මෙවැනි අසනීපයක් ඇතිවූ පළමු අවස්ථාව මෙයයි. දුවට මීට කලෙකට පෙර ඇතිවූ පෙනහැල්ලේ අධි රුධිර පීඩනයට කොළඹ රිජ්වේ ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබා දී තියනවා.

මා රාජකාරිය සඳහා රාජගිරිය බලා යමින් සිටියදී බිරිඳ දුරකථනයෙන් කතා කොට පාසලේදී දුවට අසනීප වී ඇති බව කීවා. ඇය රැගෙන යන්න පාසලට එනවා දැයි පාසලෙන් දුරකථන ඇමතුමක් දී විමසා සිටි බව ද කීවා. ඒ අවස්ථාවේ මා පාසලට කතා කොට හැකි ඉක්මනින් දරුවා රෝහලට ඇතුළත් කරන මෙන් ඉල්ලා සිටියා. පෙරවරු 7.50 පමණ පාසලේ ගුරුවරුන් දෙදෙනකු දරුවා කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කොට ඇති බව පසුව දැනගන්නට ලැබුණා..."




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,035 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,081 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  10,371 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  783 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  465 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,203 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,366 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  977 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,408 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,189 Downloads



Top 10 Commenters

Latest Comments

Top