Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
"හොඳට කැපෙන මන්න පිහිය අරගෙන මෙයාගේ බිරිඳත් බලාගෙන ඉද්දී වැරෙන් පහරක් ඔළුවට එල්ල කළා..." - අනියම් පෙම්වතියගේ සැමියා මැරූ හැටි උසාවියේදී වමාරයි

- "හොඳට කැපෙන මන්න පිහිය අරගෙන මෙයාගේ බිරිඳත් බලාගෙන ඉද්දී වැරෙන් පහරක් ඔළුවට එල්ල කළා..." - අනියම් පෙම්වතියගේ සැමියා මැරූ හැටි උසාවියේදී වමාරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,354 Views
"එයා කෑගහද්දී ගෑනි බෙඞ් ෂීට් එකෙන් කට වැහුවා.."

"මිනිහා මැරුණේ නැති නිසා මම ලණු පොටක් ගෙනල්ලා බෙල්ල හිර කළා..."

සිය අනියම් බිරියගේ බලවත් පෙරැත්තය මත ඇයගේ විවාහක සැමියා තියුණු පිහියකින් කපා කොටා ලණුවකින් ගෙල සිර කර මරා දැමීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි අනියම් බිරිය හා ඇය සමග සම්බන්ධයක් ගොඩනගා ගෙන මෙම සිද්ධියට හවුල් වූ සැකකරු යන දෙදෙනාම ජුනි මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් තිසානි තේනබදු මහත්මිය 21 වැනිදා නියෝග කර තිබෙනවා.

රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කන්තලේ වෙන්ඩ‍්‍රාසන්පුර 01 ප්‍රදේශයේ පදිංචි එන්.බී.සුසන්ත නම් දෙදරු පියකු හා ඔහුගේ අනියම් බිරිය වූ ගල්කිරියාගම පදිංචි ඩබ්.එම්.බණ්ඩාර මැණිකේ නම් තිදරු මවයි.

ඉකුත් අප්‍රේල් 17 වැනිදා සිදුවී ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සුසන්ත නමැත්තා සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී ලබා දී ඇති කට උත්තරයේ මෙසේ සඳහන් වන්නේ,

"මම කොළඹ වැඩ පොළක වැඩ කරද්දී ගෝලයා වගේ හිටියේ මේ අනියම් සම්බන්ධය පවත්වාගෙන ගිය බණ්ඩාර මැණිකේ ගේ ඥාති පුතෙක්. ඒ වෙනකොට ගිය අවුරුද්දේ (2018) මුල් කාලයේ එයා හිටියේ රට. ගෝලයාට නිතරම කෝල් එනවා මෙයාගෙන්. ඒ ස්මාර්ට් ෆෝන් එකකින්. දවසක් මේක මම බලාගෙන ඉඳලා ගෝලයාට හොරෙන් මෙයාට කතාකළා. එහෙම කතා කරලා පස්සේ අපි දෙන්නා යාළු වුණා. දිගටම කතා කළා. එයා කිව්වා මම මෙහේ අනාථ වෙලා ඉන්නේ ඉක්මනට ලංකාවට ගෙන්නා ගන්න, මම ඔයත් එක්කම ඉන්න එනවා කියලා. පස්සේ මම ගෙදර තිබුණු මගේ ගෑනිගේ ළමයින්ගේ රත්‍රං බඩු උගස් තියලා 50000 ක් යවලා මෙයා ගෙන්නා ගත්තා.

අපේ සම්බන්ධය බොහෝ දුර දිග ගියා. පස්සේ මෙයා කිව්වා මට මේ මිනිහාගෙන් හරිම කරදරයි. ඌත් එක්ක ඉන්න බෑ. ඌ වකුගඩු රෝගියෙක්. අපි එකට ඉන්න මෙයාව කොහොම හරි මරමු කියලා.

ඊට පස්සේ හොඳට කල්පනා කරලා ප්ලෑන්ක් ගැහැව්වා. වකුගඩු රෝගයට බෙහෙත් ගන්න මෙහෙ හොඳ තැනක් තියෙනවා කියලා මිනිහට කියන්න කියලා කලින් එයාට කියලා තිබ්බා. දෙන්නම කන්තලේට එන්න ඇවිත් ටවුමේ එහාට මෙහාට යනකොට මම අහම්බෙන් දැක්කා වගේ ඇවිත් කතා කරලා අපේ ගෙදර එක්ක යන්නම්, එහේදී මෙයාට වැඩක් දෙමු කියලා. ඊට කලින් මම මගේ ගෑණිටයි දරුවො දෙන්නටයි අවුරුදු නිවාඩුවට ගමට යන්න කියලා තුන් දෙනාම ගමට ඇරියා. ගෙදර හිටියේ මම විතරයි.

පස්සේ මේ දෙන්නව වීල් එකක දාගෙන ටවුමෙන් අරක්කු බෝතලයයි බියර් බෝතලයක් තවත් කෑමට අවශ්‍ය දේවල් අරගෙන ගෙදර ආවා. රාත්‍රි 8 ට විතර අපි බොන්න පටන් ගත්තා. මම බීර බෝතලය බිව්වා, මෙයා අරක්කු බෝතලයම බිව්වා. පස්සේ තව ටිකක් ඕන කිව්වට පස්සේ වීල් එකක් යවලා තව භාගයක් ගෙනාවා. ඒකෙනුත් භාගයක් මෙයා බීලා ඉස්සරහ සාලේ දිග පුටුවේ හාන්සි වෙලා හිටියා. හොඳටම වෙරි. මේක තමයි හොඳම වෙලාව කියලා මම ගෙදර තිබුණ හොඳට කැපෙන මන්න පිහිය අරගෙන මෙයාගේ බිරිඳත් බලාගෙන ඉද්දී දෑත බදලා වැරෙන් පහරක් ඔළුවට එල්ල කළා. ඔළුවෙන් ලේ විදින්නත් මෙයා කෑ ගහන්නත් ගත්තා. පස්සේ ගෑණි බෙඞ්ෂීට් එකක් ගෙනත් කට වහලා ඔතා ගත්තා. මිනිහා මැරුණේ නැති නිසා මම ලණු පොටක් ගෙනල්ලා බෙල්ල හිර කළා. එතකොට එයා ඉවර වුණා. රාත්‍රි 11 ට විතර ඇති. අපි දෙන්නම එකතු වෙලා ලැට් වළේ පියනක් ගලවලා මිනිය ලැට් වළට දාලා ගේයි පුටුයි සේරම හොඳට හෝදලා ? 11.30 බස් එකේ නැගලා එයා දඹුල්ලේ එයැයිගේ ගෙදර ගියා. මම දරුවො එක්ක එන්න නුවර ගියා..."





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,035 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,082 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  10,393 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  785 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  466 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,207 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,367 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  977 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,411 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,191 Downloads



Top 10 Commenters

Latest Comments

Top