ළමයිද ත්‍රස්තවාදීන් - මහජන අයිතීන් සුරැකිමේ පදනම අහයි...
බෑග් එකෙන් විතරක් ආරක්ෂාව මනින්න බැහැ මව්පියන් කියයි...
මාවනැල්ල මයුරපාද විද්‍යාලයට විනිවිද පෙනෙන බෑග් රැගෙන නොපැමිණි සිසුන් පාසල් බලධාරීන් විසින් අපහසුතාවට ලක්කළ ආකාරය අප ඊයේ වාර්තා කළා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හිරු ප්‍රවෘත්ති වෙත සදහන් කළේ අදාල සිදුවීම සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි.
සාමාන්‍ය බෑග් රැගෙන පැමිණි මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ඊයේ අපහසුතාවට පත් වුණේ එම බෑග් පාසල් පරිශ්‍රයට රැගෙන යෑම සදහා විදුහල්පතිවරයා අවසර ලබා නොදීම හේතුවෙන්.
විනිවිද පෙනෙන පාසල් බෑග් පමණක් පාසලට තුළට රැගෙන යෑමට විද්‍යාලීය පාලනාධිකාරිය අවසර ලබාදී තිබුණා.
මේ නිසා ඇතැම් කුඩා දරුවන් හඩා වැටෙන අයුරුද දක්නට ලැබුණා.
මේ පිළිබදව මාවනැල්ල මධ්‍යමහා විද්‍යාලයේ මාපියන් දැක්වූයේ මෙවන් අදහසක්.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් අප විමසීමක් කළා.
මේ අතර මාවනැල්ල මයුරපාද විදුහලේ දරුවන් හිරිහැරයට ලක්කිරීම පිළිබදව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් විනිවිද පෙනෙන බෑග් පමණක් පාසලට ගෙනඒමේ තීරණය අත්හිටුවීමට කටයුතු කරන ලෙසත් ලංකා ගුරු සංගමය සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාගෙන් හා අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.
නිවේදනයක් නිකුත්කරමින් එම සංගමය සදහන් කරන්නේ පාසලේ ආරක්ෂාව බව පවසමින් දරුවන් හිරිහැරයට පත්කිරීමට කටයුතු කිරීම බරපතල කණගාටුදායක තත්ත්වයක් බවයි.
නිවේදනයෙන් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ අයුරින් තවත් පාසල් කිහිපයක ආරක්ෂාව බව පවසමින් දෙමාපියන්ගෙන් සීසීටීවී කැමරා ආදී උපකරණ මිලදී ගැනීම සදහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීමට කටයුතු කරන බවයි.
මේ අතර මහජන අයිතීන් සුරැකීමේ පදනම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් විනිවිද පෙනෙන බෑග් හේතුවෙන් පාසැල් දරුවන් පත්ව සිටින අසීරුතාව පිළිබදව මෙලෙස අදහස් පලකළා.
VIDEO