අකුරැස්ස ඌරුමුත්ත ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබෙනවා.
අද සවස 5ට පමණ වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට සැකකරුවෙකු වෙඩි තබා ඇති අතර බරපතල තුවාල ලැබූ එම නිලධාරියා කඹුරුපිටිය රෝහලට ඇතුලත් කිරීමේදීයි මියගොස් ඇත්තේ.
මියගොස් ඇත්තේ අකුරැස්ස කනංකේ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්.
වෙඩි තැබීම සිදු කළ සැකකරු ඌරුමුත්ත ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි සඳහන්.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අකුරැස්ස පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.