Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
බකමුණ ඇලහැර ප්‍රදේශයෙන් හමුවූ අඩි 60ක උමග මෙන්න - රජයේ නිලධාරීන්, ප්‍රබල ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුගේ නමුත් වැඩේට ගෑවෙයි - Video

- බකමුණ ඇලහැර ප්‍රදේශයෙන් හමුවූ අඩි 60ක උමග මෙන්න - රජයේ නිලධාරීන්, ප්‍රබල ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුගේ නමුත් වැඩේට ගෑවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,297 Views
එක් සැකකරුවෙකු වැසිකිළියක පැය හතරක කාලයක් සැගවී ඉඳලා....
අවි ආයුධ,වෙඩි බෙහෙත්,වයර් වැනි දේවල් පවා හමුවෙලා...

ආහාර නිශ්පාදන ආයතනයක් සහ පානීය වතුර බෝතල් නිෂ්පාදනය කරන ආයතනයක් මුවාවෙන් බකමුණ ඇලහැර කුමාරඇල්ල ප්‍රදේශයේ  වසර තුන හමාරක් තිස්සේ  නිදන් ගැනීම සඳහා කැණීම් සිදුකළ ස්ථානයක් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (21) රාත්‍රියේ වටලා සැකකරුවන් හත්දෙනෙකු  හා උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වසර තුනහමාරක පමණ කාලයක සිට දිවයිනේ ප්‍රබල පුද්ගලයන් රැසක් සහ සම්බන්ධ වී ඇතැම්  රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහය ඇතිව මෙම ස්ථානයේ   විශාල කළුගලක් බිද අඩි හැටක පමණ ගැඹුරට දෝණාවක් හාරා නිධන් සොයා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ පරීක්ෂණයේදී හෙලිවී තිබෙනවා.

නිධානය ලබා ගැනීම සඳහා  අවසාන දින දෙක තුළදී මෙය අනාවරණය කර ගැනීම විශේෂත්වයක් අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට යන විටත් එහි සේවකයන් විශාල කළු ගලින් සැදුණු මහ පොළොව යට උමගක් තුළ වැඩ කරමින් සිටීම විශේෂත්වයක්.

අත්අඩංගුවට පත්වූවන්  අනුරාධපුර ,කිතුල්ගල , නිවිතිගල ,රත්නපුර හා ඇලහැර  ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝ බව පොලිසිය පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම ස්ථානය වැටලීමත් සමඟ එහි සිටි එක් සැකකරුවෙකු දෙමහල් නිවසක් තුළ වැසිකිළියක පැය හතරක කාලයක් සැගවී සිටියදී  පසුව සොයාගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී ගල් විඳීමට ගන්නා අවි ආයුධ, ගල් පුපුරවා හැරීම සඳහා උපයෝගී කරගන්නා වෙඩි බෙහෙත්,වයර් පහන් පුජා භාණ්ඩ ආදී භාණ්ඩ රැසක් සොයාගත් බවද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සහ ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂාකිරීමේදී මෙම ජාවාරමේ  සිටින රජයේ නිලධාරීන් ප්‍රබල ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුගේ නම් හෙළිවී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ජාවාරම්කරුවන් අතර පැවැති දුරකථන සංවාද රැසක් පොලිස් විශේෂ කාර්ය බලකාය  භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම පොළොන්නරුව ප්‍රදේශයේ මෙම කණ්ඩායම තවත් නිදනයක් ලබා ගත් ආකාරයද දුරකථන සංවාදවල දී අනාවරණය වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියා.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව බකමුණ පොලිසියට භාරදීමට නියමිතයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,860 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,907 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,415 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  294 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,568 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  329 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  694 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,425 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,630 Downloads



Top 10 Commenters

Latest Comments

Top