ප්‍රභූ වාහනවලට ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ජනාධිපතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කළ බවයි.
ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේ දී මාර්ග වසා තැබීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව අදාළ ප්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරින් මේ පිළිබඳ දැනුවත් කරන ලෙසට සහ සාමාන්‍ය ජනතාවට කිසිදු අයුරකින් අවහිරයක් ඇති නොවන අයුරින් ප්‍රභූ රථ ධාවනය කිරීමට ඔවුන්ට උපදෙස් නිකුත් කරන ලෙසටයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.