රුපියල් කෝටි 2 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු හෝමාගම - හබරකඩ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලිමකදී මොහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සොයා ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
27 හැවිරිදි සැකකරු රියදුරු බලපත්‍රය ලෙස භාවිත කර තිබුණේ ඔහුගේ වයසේම මියගිය පුද්ගලයෙකුගේ රියදුරු බලපත්‍රයක්. සැකකරු අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.