Ahmad Safiuddin Ahmad Razak කියන්නේ වයස අවුරුදු 24 ක තරුණයෙක්. ඔහු ජිවත් වන්නේ මැලේසියාවේ. ඔහුගේ බිරිද Nurul Erwani Zaidi. ඇයත් ඔහුත් සමවයසේ පසුවන්නේ. මේ දෙදෙනාට මිට මාස 6ට පෙර දියණියක් උපදිනවා.
එම දියණිය උපදින්නේ නිරෝගී දරුවෙක් හැටියටයි. කොහොම නමුත් දියණියට මාස තුනක් සම්පුර්ණ වෙද්දී දියණියගේ වෙනසක් දැකගන්න මේ දෙමාපියන් යුවළට හැකිවෙනවා. ඒ දියණියගේ මුඛයේ වෙනසක්. මුඛයේ කුඩා ගෙඩියක් දැකගන්න ලැබෙන අතර එය පසුගිය මාස තුන වෙද්දී මුඛය පුරාම විහිදුනු ඇති විශාල ගෙඩියක් බවට පත් වෙනවා. මේ දියණියගේ මුඛයේ හටගත් ගෙඩිය පෙන්වන්න ඔවුන් වෛද්‍ය උපදෙස් පතා පුද්ගලික රෝහලකට දරුවාව රැගෙන යනවා.
එවිට පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව දැනගන්න ලැබෙනවා දියණියට මුඛයේ පිළිකාවක් බව. තම රටේදී සැත්කම් සිදු කිරීම හෝ දරුවාගේ ජීවිතය බේරා ගැනීම ඇසිරූ කටයුත්තක් බව මේ වනවිට වෛද්‍යවරුන් ඔවුන්ට පවසා තිබෙනවා. මේ හේතුවෙන් මේ දෙමාපියන් දැඩි ලෙස අසරණ වී තිබෙනවා වගේම දියණියගේ පියා පවසන්නේ කෙසේ හෝ සටන් කර දියණියගේ ජීවිතය බේරා ගන්නා බවයි. ඒ හේතුවෙන් ඔවුන් එංගලන්තයේ රෝහලකට යාමට සුදානම් වෙන බවත් සදහන් කර සිටිනවා.