එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කළ පුද්ගලයාට හිමි ලෝක වාර්තාව තවදුරටත් තහවුරු කිරීමට නේපාලයේ කඳු නගින්නෙකු වන කැමී රිටා ෂෙර්පා සමත් වී තිබෙනවා.
ඒ, අවස්ථා 24 කදී එවරස්ට් කන්ද සාර්ථකව තරණය කරමිනුයි.
50 හැවිරිදි මෙම නේපාල ජාතිකයා ගතවූ දින 7 ක කාලය තුළ දෙවරක් එවරස්ට් තරණය කිරීමද විශේෂත්වයක්.
ඔහු පළමු වරට එවරස්ට් කන්ද තරණය කර ඇත්තේ 1994 වසරේදීයි.
ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කන්ද අඩි 29,029 ක උසකින් යුක්තයි.