ස්කොට්ලන්තයට එරෙහිව එඩින්බරෝ හිදී පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 35ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.
එහිදී දක්ෂ පන්දු යැවීමක් නිරත වූ නුවන් ප්‍රදීප් ලකුණු 34කට කඩුලූ 4ක් දවාලමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කරනු ලැබුවා.
ඒ අනුව තරඟ දෙකකින් සමන්විත එක්දින තරගාවලිය එකට බින්දුවක් ලෙස ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
දෙරට අතර පළමු තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණා.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 322ක් රැස් කළා. ආරම්භක පිතිකරු යුගලය වන අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 74ක් සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 77ක් ලබා ගත්තා.
කුසල් මෙන්ඩිස් ලකුණු 66යි.
ස්කොට්ලන්ත කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී 27 වන පන්දු වාරය අවසානයේදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අතරමඟ නවතා දැමීමට සිදුවුණා.
වර්ෂාවෙන් පසුව යළි තරඟය ආරම්භ කළ අවස්ථාවේදී ස්කොට්ලන්තයට පන්දු වාර 34කදී ලකුණු 235ක ඉලක්කයක් හිමි වුණා.
ඒ අනුව ස්කොට්ලන්තය පන්දු වාර 33යි පන්දු 2ක් අවසානයේ දී සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 199ක් පමණයි.
ඒ අනුව ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 35ක ජයක් දෙවන තරඟයෙන් හිමි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.