Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
"ඇයි ඒ ගොල්ලොන්ට එහෙම වුණේ" - මේ සිහිපත් කෙරෙන්නේ අහිමිවීම නම් දරාගත නොහැකි වේදනාවේ හැඟීමයි - Video

- "ඇයි ඒ ගොල්ලොන්ට එහෙම වුණේ" - මේ සිහිපත් කෙරෙන්නේ අහිමිවීම නම් දරාගත නොහැකි වේදනාවේ හැඟීමයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,654 Views
250කට අධික පිරිසකට දිවි අහිමි කළ ම්ලේච්ඡ ප්‍රහාරය
 
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්තාන වීම සැමරුනු පාස්කුව පුපුරා ගොස් එය සැමරූ ජනතාව මළවුන් තුරුළට ගොස් අදට මාසයක්.

ලොවට කරුණාව, දයාව පැතිරූ දෙව්මැදුරු තුනක් ලෙයින් තෙත් කරන්නට තරම් මේ ප්‍රහාරය ම්ලේච්ඡ වී තිබුණා.

"ඇයි ඒ ගොල්ලොන්ට එහෙම වුණේ. දෙවියන් වහන්සේ ඔබවහන්සේ කිසිම කෙනෙකුට මෙහෙම මේ වගේ අකල් විපතක් සිද්ධ වෙන්න දෙන්න එපා"

අප්‍රේල් 21 වැනිදා උදෑසන කතෝලික දේවස්ථාන 3කට , තරු පන්තියේ හෝටල් 3ක් ඇතුලුව ස්ථාන 8කට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වුණේ 250කට අධික පිරිසකට දිවි අහිමි කරමින්.

500කට ආසන්න පිරිසක් තුවාල ලැබූ මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් දේපළ හානි රැසක්ද සිදු වුණා.

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ගත වූ දින කිහිපයක් තුළ තිස් වසරක යුද සමයේ මෙන් නැවතත් රට භීතියෙන් ඇලලී ගියේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සොයා දිවයිනේ විවිධ ස්ථානවල සිදු කළ සෝදිසි මෙහෙයුම් හේතුවෙන්.

එම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැණුන සැකකරුවන් 89 දෙනෙක් මේ වන විට රැදවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කෙරෙනවා.

ආදරය, කරුණාව සහ මෛත්‍රීයට එරෙහි වූ මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මාසයක් ගත වෙද්දී, ප්‍රහාර එල්ල වූ කතෝලික දේවස්ථාන සහ දිවයිනේ තවත් ස්ථාන රැසක් කේන්ද්‍ර කරගනිමින් ආගමික වතාවත් පැවැත්වුණා.

මේ අතර ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සිහිපත් කරමින් සර්ව ආගමික පූජාවක් ගල්කිස්ස ධර්මපාලාරාමයේදී පැවැත්වුණේ, ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහනායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,035 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,082 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  10,390 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  785 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  466 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,207 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,367 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  977 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,411 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,189 Downloads



Top 10 Commenters

Latest Comments

Top