ෆේස්බුක් කියන දේ මේ වෙනවිට ලෝකේ හැම දෙනෙක් අතරම ප්‍රසිද්ධයට පත්වෙලා ඉවරයි. ඒ කියන්නේ ෆේස්බුක් ගිණුමක් නැති කෙනෙක් මේ වෙනකොට හොයාගන්නත් අමාරුයි. තමන්ගේ යාළුවෝ වගේම නෑදෑයෝ එක්ක විතරක් නෙවෙයි ෆේස්බුක් එකෙන්ම අලුතින්ම මුණගැහුණු අය එක්ක ගොඩ දෙනෙක් ඒ ඔස්සේ සම්බන්දකම් පවත්වනවා. ඔවුන් එක්ක ඡායාරූප, වීඩියෝ ශෙයාර් කරගන්නවා, සමහර අවස්ථාවල පෙම්වතුන් වෙලා ඉන්නවානම් පැය ගණන් දවස් ගණන් චැට් කරනවා.
හැබැයි මේ හැමදේම අතරේ අපි කවදාහරි දවසක මේ ලෝකේ දාලා යනවා. එදාට අපේ ෆේස්බුක් ගිණුමට මොනවා වෙයිද ? මේ ගැන ඔබ කලින් හිතන්න නැතුව ඇති. හැබයි ඒ ගැන මේ වෙනකොට ෆේස්බුක් සමාගම හිතලා තියෙනවා.
ඔවුන් හඳුන්වාදෙන අලුත්ම විශේෂාංග තමයි ෆේස්බුක් ගිණුම් හිමියෙක් මියගියාට පස්සේ ඔහුගේ ගිණුමට වෙන දේ ගැන ඔහුට මියයන්නට ප්‍රථමයෙන් තීරණය කරන්න පුලුවන් අවස්ථාවක් උදාකරලා දෙන එක.
ඒ අනුව තමන්ගේ ගිණුම මරණයෙන් පසුව වෙනත් අයෙකුට පැවරීමේ හැකියාව තිබෙන බවයි ඔවුන් පවසන්නේ. නමුත් පවරන පුද්ගලයාට එම ගිණුමේ භාවිතා කල හැකිවන්නේ සීමා සහිතවයි. මියගිය පුද්ගලයාගේ පෞද්ගලික පණිවුඩ ඔහුට නැරඹීමේ හැකියාව නොමැති අතර Profile Pictures, Cover Photos වෙනස් කිරීමේ හැකියාව ඔහුට පවතිනවා.