ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද ඇප මත මුදාහැරුණා.
ඒ අනුව රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මුදාහැරීමටයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේ.
එසේම ඇප හිමිවීමෙන් අනතුරුව පැමිණිලි පාර්ශවයට හෝ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු නොකරන ලෙස මහේස්ත්‍රාත්වරයා ඔහුට අවවාද කර ඇති අතර, විදේශ ගතවීමද තහනම් කර තිබෙනවා.