දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 10කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 900ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලම්පිටිය - මීතොටමුල්ල ප්‍රදේශයේදීයි.
මිනුවන්ගොඩ - මහයාය වත්ත ප්‍රදේශයේදී සහ වීරගුල - දෙමටලන්ද ප්‍රදේශයේදී පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය සහ වීරගුල පොලීසිය විසින් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.
..