ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් ඇති කර නොගෙන අද සිට දරුවන් පාසල් යැවීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක, මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ සඳහන් කළේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසයි.
මේ අතර, පාසල් ළමයින් දිරිගැන්වීම සහ පාසල්වල ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද උදෑසන දිවයිනේ සියළුම පාසල් ආවරණය වන පරිදි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට තීරණය කර තිබෙනවා.