Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
පාස්කු ඉරු දින ප්‍රහාරයට මාසයයි - සහරාන්ගේ ප්‍රධාන සංවිධායක, සියාම් ඇතුළු 3 දෙනෙකුත් අත්අඩංගුවට

- පාස්කු ඉරු දින ප්‍රහාරයට මාසයයි - සහරාන්ගේ ප්‍රධාන සංවිධායක, සියාම් ඇතුළු 3 දෙනෙකුත් අත්අඩංගුවටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,429 Views
අප්‍රේල් මස 21 වන දා එල්ල වූ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයට අදට මසක් ගත වනවා.

මේ අතර, එදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මිය ගිය ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා බවට සැලකෙන සහරාන් හෂීම්ගේ ප්‍රධාන සංවිධායකයෙකු ඇතුළු තවත් සැකකරුවන් 3 දෙනෙකු කල්මුණේ ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්මුණේ සියාම් නමින් හඳුන්වනු ලබන සහරාන් හෂීම්ගේ ප්‍රධාන සංවිධායකයා මුලින්ම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් හෙළි වූ තොරතුරුවලට අනුවයි සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුගිය අප්‍රේල් මස 26 වන දා සයින්දමරුදු ප්‍රදේශයේදී නිවසක සිදුවූ බෝම්බ පිපිරීමෙන් මිය ගිය සහරාන්ගේ පියා ඇතුළු පිරිස එම නිවසට රැගෙන යාම සඳහා ආධාර අනුබල ලබාදී ඇත්තේ ද අත්අඩංගුවට පත්වී සිටින කල්මුණේ සියාම් නැමති පුද්ගලයායි.

ඔහු හම්බන්තොට ප්‍රදේශයේ පුහුණුවීම් කටයුතුවල ද නිරත වී තිබෙනවා.

මේ අතර, ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකෙන් මිය ගිය එක් අයෙකු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් බවට ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

එමෙන්ම, කුරුණෑගල - අලකොළදෙනිය ප්‍රදේශයේ පොල් ඉඩමක පවත්වාගෙන ගිය බෝම්බකරුවන් පුහුණු කිරීමේ කදවුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දැනට අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තුවේ හැන්සාඞ් නිලධාරියා ඇතුළු සෙසු සැකකරුවන් 5 දෙනා අදාළ කදවුරේ පුහුණුවීම් සිදුකර ඇති බවටයි දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,035 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,081 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  10,371 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  783 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  465 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,203 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,366 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  977 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,408 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,189 Downloads



Top 10 Commenters

Latest Comments

Top