Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
20
පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට පුද්ගලයින් 89ක් අත්අඩංගුවට - Video

- පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට පුද්ගලයින් 89ක් අත්අඩංගුවට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,239 Views
අයි.එස්.ත්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවේ සිටින සැකකරුවෙකුගේ ප්‍රකාශයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ  රාජගිරිය ප්‍රදේශයේදීයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 89 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතුරින් 69 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන අතර, තවත් සැකකරුවන් 20 දෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

ජමාල්ඩීන් නෞෂාඩ් නම් මෙම සැකකරු වසර 12 ක පමණ කාලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කර තිබෙනවා.

සුචිගත කිරීමේ නිලධාරියෙක් වන ඔහුට පැවරෙන රාජකාරිය වනුයේ පාර්ලිමේන්තු විවාද වලදී පලකරන අදහස් සම්මත මාතෘකාවලට අනුව බෙදා වෙන් කිරීමයි.

අලවතුගොඩ, මාවතුපොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ජමාල්ඩීන් නෞෂාඩ් නැමති සැකකරු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හෂීම් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බව මූළික විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි විමර්ශන භාර උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුවත් කර ඇති අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව සැකකරු නියමිත පරිදි සේවයට පැමිණ නොමැති බවද වාර්තා වනවා.

හදිසි නීති රෙගුලාසි යටතේ සැකකරු දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට අවසර  ලබාදී තිබෙනවා.

මේ අතර පිවිතුරු හෙල උරුමයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතාට මිනුවන්ගොඩ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස අදත් සිහි කැඳවීමක් කර තිබුණා.

ඒ ඔහු ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඊයේ පොලිසිය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

මිනුවන්ගොඩ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පිවිතුරු හෙල උරුමයේ නියෝජ්‍ය නායකයා පසුගිය බදාදා මිනුවන්ගොඩ පොලිසයට කැඳවා තිබුණා.

එදින මධුමාධව අරවින්ද මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළේ පොලිසිය තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර නොගත් බවයි.

මේ සම්බන්ධයෙන් පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අදහස් පල කළා.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල
            
"පසුගිය 15 වැනිදා උදෑසන මධුමාධව අරවින්ද මිනුවන්ගොඩ පොලිසියට ගිහිල්ලා පැය 3 ක් වාඩිවෙලා බලා ඉදලා ඔහුගෙන් ප්‍රකාශයක් ලබා නොගත් නිසා පොලිසියෙන් පිටතට ආ බව මුළු රටම දැක්කා. ඔහුට එන්න කිව්වේ පොලිසියෙන්. වෙලාව දුන්නේ පොලිසියෙන්. එහෙම දුන්න පොලිසිය තමයි ඔහුව වාඩි කරලා පැය 3 ක් රස්තියාදු කළේ. ඒ නිසා මධුමාධව පොලිසියට එන්නේ නෑ කියන කතාව තවත් එක් පොලිස් පචයක්".


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,390 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,066 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,148 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  267 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,252 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  302 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  508 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  673 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,361 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top