ලොව දෙවන විශාලතම ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදකයින් වන 'හුවාවෙයි' සමාගම සමඟ ගණුදෙනු කිරීම අත්හිටුවන්නට ගූගල් සමාගම තීරණය කර තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනයේ නව නීති රෙගුලාසි.
මේ අනුව, ඉදිරියේදී නිෂ්පාදනය වන 'හුවාවෙයි' දුරකථන සඳහා ගූගල් ආයතනය විසින් ලබාදෙන ඇතැම් සේවාවන් ලබා ගැනීමට හැකිවන්නේ නැහැ.
මේ අනුව, 'ගූගල් මැප්ස්', 'යූටියුබ්' වැනි ප්‍රමූඛ සේවාවන් නව 'හුවාවෙයි' දුරකථන සඳහා භාවිතා කිරීමට හැකිවන්නේ නැහැ.
එමෙන්ම, ගූගල් සමාගම, 'හුවාවෙයි' සමාගම සමඟ සිදු කරන මෘදුකාංග සේවාවන් හෝ තාක්ෂණික සේවාවන් සිදු කිරීම ද නවතා දමනු ඇති.
මේ සිදුවීමත් සමඟ ඉදිරියේදී 'හුවාවෙයි' දුරකථන සඳහා සීමිත පහසුකම් ප්‍රමාණයක් හිමි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දැනට භාවිතා කරන 'හුවාවෙයි' දුරකථන සඳහා භාවිතා කරන 'ගූගල් ඇප්ස්' අවලංගු නොවන අතර එම 'ඇප්ස්' යාවත්කාලීන (update) කිරීමේ හැකියාව මේ තත්ත්වයත් සමඟ අහිමි වනවා.
කෙසේ වෙතත්, Google play Store පහසුකම තවදුරටත් 'හුවාවෙයි' දුරකථන සඳහා හිමිවන බවයි 'ගූගල්' සමාගම පවසන්නේ.