හෙට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත අතර එහිදී මෙය විවාදයට ගැනීම සඳහා දින දෙකක කාලයක් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කතෝලික මන්ත්‍රීවරු විවිධ අදහස් පළ කරනවා.
රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා කියා සිටියේ යෝජනාවේ ඇතුලත් ඇතැම් කරුණුවලට තමන්ද එකඟ වන බවයි.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට දහවල් පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි කියා සිටියේ.
මේ අතර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දැක්විය යුතු බවට දෙමල ජාතික සන්ධානයට බල කෙරෙන යෝජනාවක් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මන්නාරම දිස්ත්‍රික් නියෝජිතයන් සම්මත කරගෙන තිබෙනවා.
ඒ එම පක්ෂයේ මන්නාරම දිස්ත්‍රික් නායක දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවති නියෝජිත හමුවකදීයි.
අදාල තීරණය එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් වෙත යොමු කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දින නියම කර ගැනීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය කුමන තීරණයක් ගත්තද රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව තමන් ජන්දය භාවිතා කරන බවයි චාර්ල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා කියා සිටියේ.
මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ කිසිදු නීතිමය අඩුපාඩුවක් නොමැතිව මෙම යෝජනාව කථානායකවරයාට භාරදී ඇති බවයි.