ආණ්ඩුවට එරෙහිව විශ්වාශභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ අදහස් පැවසුවේ අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම විශ්වාශභංග යෝජනාව හෙට දිනයේදී කතානායකවරයාට භාරදීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේ.