Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
19
"සිද්ධාර්ථ කුමරුගේ චරිතය කරද්දී මම පේවිලා එන්නෙ, ඒ ඇඳුම් ඇඳ ගත්තාම පුදුමාකාර හැඟීමක් ඇති වෙනවා.." - ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයේ සිද්ධාර්ථ කුමරුගේ චරිතයට පණ පොවන 'කැළුම් ශ්‍රී' - Photos

- "සිද්ධාර්ථ කුමරුගේ චරිතය කරද්දී මම පේවිලා එන්නෙ, ඒ ඇඳුම් ඇඳ ගත්තාම පුදුමාකාර හැඟීමක් ඇති වෙනවා.." - ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයේ සිද්ධාර්ථ කුමරුගේ චරිතයට පණ පොවන 'කැළුම් ශ්‍රී' - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

85 Views
අශ්වයාගේ පිටේ යන්න කිව්වම මට හීන්දාඩිය දැම්මා..
 
මේ චරිතය ලැබුණාම අපේ ගෙදර අයත් බය වුණා...
 
අකිල අබේරත්නගේ අධ්‍යක්‍ෂණයෙන්, ප්‍රභාත් රෝෂන්ගේ කැමරාකරණයෙන් සහ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" ටෙලි නිර්මාණය හිරු ටී.වී. ඔස්සේ විකාශය වනවා. එහි යශෝදරා කුමරිය සහ සිද්ධාර්ථ කුමරුගේ චරිත රංගනයට දායක වී සිටින්නේ කාවින්ද්‍යා දුල්ෂානි සහ කැළුම් ශ්‍රී. මෙය එක් අතකින් නළු -නිළි යුවළකට ලැබෙන විරල අවස්ථාවක්. ඒ විරල අවස්ථාව ලබාගත් සිද්ධාර්ථ කුමරු වූ 'කැළුම් ශ්‍රී' සමඟ කළ කතාබහක් මේ...

කැළුම් ගැන?

මම උපන්නෙ මහනුවර පිළිමතලාවෙදි. අපේ පවුලෙ අම්මයි -තාත්තයි, මමයි -මල්ලියි. මම ඉගෙන ගත්තෙ ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලයෙන්. පොඩි කාලයේ ඉඳලාම මට තිබුණෙ නළුවකු වීමේ අරමුණයි. ඒක එක්තරා විදියක පිස්සුවක් වගෙයි. ඒ දිනවල කණ්ණාඩිය ඉස්සරහාට ගිහින් එක් එක් නළු නිළියන් අනුකරණය කරමින් රඟපෑවා. රංගනයට එච්චරටම ආසා කළා. පසු කාලයකදී නර්තන වැඩසටහනට සහභාගී වුණා. එයින් පසුව ටී.වී. එකේ වෙළඳ දැන්වීමක් වෙනුවෙන් දායකවීමේ අවස්ථාව ලැබුණා. එතැනදී තමයි අකිල අයියා (ටොලමි) කිව්වෙ මල්ලි ඔයාට හොඳ අනාගතයක් තියෙනවා කියලා. හොඳ මූණක් ඔයාට තියෙන්නෙ, මගේ වැඩකට අනිවාර්යයෙන්ම ඔයාව ගන්නවා කීවා. ඉන්පස්සෙ ඒ අරමුණ ඉටුවුණේ තවත් අවුරුදු 8ක් ගියාමයි.
 
ඒ කියන්නෙ "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" ඔබගේ ප්‍රථම රඟපෑමද?
 
මීට කළින් කොටස් 15ක නාට්‍යයක රඟපෑවා. ඒත් ඒක විකාශය වුණේ නැහැ. මට හිතෙන විදියට මේ සිදධාර්ථ චරිතය ලැබීම මගේ වාසනාවක්. මම අවුරුදු පහළොවක විතර කාලයේ ඉඳලාම මස් -මාළු කන්නෙ නැහැ. එළවළු විතරයි. මේ ගෙවී ගිය වසර අටක කාලයේදී සමහර විට මට වෙනත් චරිත නොලැබෙන්න ඇත්තෙ, මේ සිද්ධාර්ථ චරිතය ලැබෙන්නට තිබුණු වාසනාව නිසාම වෙන්න ඇති.
 
අද ලැබෙන ප්‍රතිචාර මොනවගේද?
 
වචනයෙන් කියන්න බැරි තරමට ඒ ප්‍රතිචාර ඉහළයි. සිද්ධාර්ථ චරිතය වෙනුවෙන් හිතේ ඇඳිලා තිබුණු රූපය වගෙයි කියලයි බොහෝ දෙනා කියන්නෙ. ඇත්තටම මේ චරිතය ලැබුණාම අපේ ගෙදර අයත් බය වුණා. මේ ගෞරවනීය චරිතය කරන්න පුළුවන් වේවිද කියලා. ඇත්තම කිව්වොත් මාත් බය වුණා.
 
පාසලේ සමයේදී බුද්ධාගම විෂයට දක්‍ෂ වුණාද?
 
බුද්ධාගමට මට තිබුණෙ ඊ සාමර්ථයක්. හැබැයි ඊට එහා ගිය දැනුමක් බුද්ධාගම ගැන තිබුණා. ඒ වගේම මෙම නාට්‍යයේ රඟපෑමට ලැබීම නිසා පොත පතෙන් දැන සිටි කරුණුවලට වඩා බොහෝ දේ බුද්ධාගම ගැන මට දැනගන්න ලැබුණා.
 
වෙසක් පෝයට සිල් අරගෙන එහෙම තියෙනවද?
 
මෑත කාලයේදී නම් බැරි වුණා. ඒත් මේ වෙසක් පෝයට සිල් ගන්නවා.
 
ඊට පෙර කවදාවත් සිල් අරගෙන නැද්ද?
 
පාසල් ජීවිතය හමාර කරන්න පෙර සෑම පෝයකටම වගේ සිල් සමාදන් වුණා. ඉන්පසුව අවස්ථා තුනකදී විතර සිල් ගත්තා. අද මේ සිද්ධාර්ථ කුමරුගේ චරිතය කරද්දී මම ඊට පේවිලා එන්නෙ. ඒ ඇඳුම් ඇඳ ගත්තාම හරි පුදුමාකාර හැඟීමක් ඇති වෙන්නෙ. වචනයෙන් කියා ගන්න බැරි තරමේ අමුතු හැඟීමක් දැනෙන්නෙ. ඒක ඇත්තටම හරි පුදුම දෙයක්.
 
වෙසක් පෝය දිනවල විශේෂයෙන් කළ දේ තියෙවද?
 
වෙසක් පෝයට අපේ ගෙදර කඩල දන්සලක් දෙනවා. අප්පච්චි තමයි ඊට මුල් වෙන්නෙ. සමහරදාට අප්පච්චි කඩල පාර්සල් හදලා බෙදනවා.
 
වෙසක් කූඩු එහෙම හදන්න බැරිද?
 
මල්ලි එක්ක ඒ දිනවල අපි වෙසක් පෝයට කූඩු හැදුවා. දැන් මල්ලි ලංකාවේ නැහැ. ඉස්සර පහන් කූඩු තරගවලටත් මල්ලියි මායි එකතු වෙලා කූඩු හැදුවා. ගෙදර පුංචි තොරණක් හදනවා. ඒ වගේ දේ කළා.
 
සිද්ධාර්ථ චරිතය රඟපාද්දී තියෙන අභියෝග මොනවාද?
 
චරිතයට සුදුසු විදියට කටහඬ භාවිතා කරන්නෙ කොහොමද කියන අභියෝගය තිබුණා. කාලයක් තිස්සේ ඒ වෙනුවෙන් මම පුුහුණුවීම් කළා. සමහරදාට කණ්ණාඩිය ඉදිරියට ගිහින් සෑහෙන වේලාවක් දෙබස් පුරුදු වුණා.
 
සැබෑ ජීවිතයේදී යශෝදරා කෙනෙක් ඉන්නවද?
 
අපි එහෙම හිතමු.
 
මේ නාට්‍යයේ යශෝදරා ගැන යමක් කිව්වොත්?
 
එයා හරිම හොඳයි. මේ චරිත රඟපාද්දී අපි බොහෝ දේ කතා බහ කර ගන්නවා. රියසල් නැති වෙලාවටත් අපි රියසල් කරලා මේ චරිත සාර්ථක කර ගන්න බලනවා.
 
සිද්ධාර්ථ කරද්දී වෙච්ච අමතක නොවන සිදුවීම් මොනවද?
 
මේ නාට්‍යයේ මාවයි -දේවදත්තගේ චරිතය රඟපාන ශිල්පියාටයි තෝරා ගනිද්දී අශ්වයින් පදින්න පුළුවන්ද කියලා අපෙන් ඇහුවා. බැහැ කිව්වොත් මාව තේරෙන එකක් නැති වේවි කියන බයට මම ඔව් කිව්වා. දේවදත්තගේ චරිතය කරන කෙනා කිව්වෙ අශ්වයකු පිට ගිහින් නැහැ. ඒත් අශ්වයා එක්ක ෆොටෝ එකක් නම් අරගෙන තියෙනව කියලයි.
 
දැන් හරි ප්‍රශ්නෙ. අපි දෙන්නට අශ්වයා පිටේ යන්න තිබුණු දර්ශනය රූගත කරද්දී අධ්‍යක්‍ෂවරයා අපි දෙන්න ළඟට ඇවිත්, "ඇයි මල්ලි ඔය දෙන්න කිව්වා නේද අශ්වයා පිටේ යන්න පුළුවන් කියලා?" ඉතින් දැන් මොකක්ද ප්‍රශ්නෙ? අපිට දැන් හීන්දාඩිය දාලා.
 
අයියෙ පොඩ්ඩක් අපට විනාඩියක් දෙන්න කියලා දේවදත්තගෙ චරිතය කරන විදුරවි සහ මම පැත්තකට ගිහින් කතා වුණා.
 
"උඹ කිව්ව නේද අශ්වයා පදින්න පුළුවන් කියලා..." විදුරවි මගෙන් ඇහුවා.
 
"නෑ බං මට බෑ, චරිතයට ගන්න එකක් නැහැ..." කියලා මම එහෙම කිව්වෙ කියලා කිව්වා. "මචං අපි කොහොම හරි මේක කරමු.." කියලා අපි දෙන්නා ටික වෙලාවක් පුහුණු වුණා. හිතේ ගැම්මෙන් කොහොම හරි රූගත කිරීම්වලදී යාන්තමට ගොඩ ගියා. ඒත් ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ..
 
සටහන: සඳුන් ගමගේ
ලංකාදීප


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top