2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය උඩ මලුවේ පැවති විශේෂ පූජා කිහිපයකින් අනතුරුව අවසන් කළ බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.
උඩ මලුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණවලින් කොටසක් රත්නපුර රජ මාවත ඔස්සේ පැල්මඩුල්ල දක්වා වැඩමකරවීම අද උදෑසන 8.15 ට ආරම්භ වු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තවත් පෙරහරක් අද පෙරවරුවේ ශ්‍රී පාද උඩමලුවේ සිට නල්ලතන්නියට බෞද්ධ මධ්‍යස්ථානය දක්වා පැමිණ පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතයි.
සදාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අද රාත්‍රී සිට හෙට අලුයම දක්වා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර හෙට අලුයම තවත් රිය පෙරහරක් මගින් ඒවා පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා වැඩමකරවීමට නියමිතයි.
වෙසක් පොහොය දිනයේ ශීල සමාදානය ඇතුලු උඩ මලුවේ පැවැත්වු ආගමික වතාවත්වලට සහභාගී වීමට විශාල පිරිසක් පැමිණ සිටි බව ද සඳහන්.