Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
19
"රටේ පවතින නොසන්සුන් තත්ත්වය දුරුවී ඉදිරියේදී සාමය බලාපොරොත්තුවෙන් ඉන්නවා..." - උරේෂා රවිහාරි - Photos

- "රටේ පවතින නොසන්සුන් තත්ත්වය දුරුවී ඉදිරියේදී සාමය බලාපොරොත්තුවෙන් ඉන්නවා..." - උරේෂා රවිහාරි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

40 Views
මුදල් මත පදනම් වෙලා ගීත ගායනා කරන් නෑ..
 
රඟ නොපෑවට ගායනයෙන් කරන්නෙත් රඟපෑමක්..
 
රිදී තිරයේ සීනු හඬ ඒ නමට හිමි නිසා ඇය නිරන්තරයෙන්ම රිදී තිරයට සමීපයි. උරේෂා රවිහාරි. කලාවට ඕපපතිකයක් නොවුණු උරේෂාගේ ගීත ඇහෙන්නේ වැඩිපුර සිනමා තිරයෙන් නිසාම ඇය වැඩිපුර ඇගයීමට ලක් වෙනවා. ඇය ඇගේ අලුත් තොරතුරු පුවත්පතක් එක්ක කතා කරලා තිබුණේ මෙලෙසිනුයි.

ඉතිං කොහොමද තොරතුරු?
 
හොදයි. මේ දිනවල රටේ සිදුවූ ප්‍රශ්න නිසා ප්‍රසංග එහෙමත් කල් ගිහින් තියෙන්නේ. ඒ නිසා ගෙදරට වෙලා මගේ දරුවාත් එක්ක සතුටින් ජීවත්වෙනවා. අලූතින් ගීත කිහිපයක්ම කළා.
 
වෙසක් උත්සවයට ලැහැස්තිය කොහොමද?
 
ඇත්තටම රටේ සිදුවූ අවසනාවන්ත සිදුවීම් නිසා ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් අපට පවසා ඇති පරිදි ගෙදරදී වෙසක් උත්සවය සමරනවා.
 
ඔබ වෘත්තීමය ගායිකාවක් කිව්වොත් හරි නේද?
 
ඔව්. මම වෘත්තීමය ගායිකාවක් කිව්වොත් නිවැරදියි.
 
ගායිකාවක් ලෙස ගේ දොර කටයුතු සඳහා කාලය වෙන් කරගන්නේ කොහොමද?
 
ඇත්තටම ගායිකාවක් වුණාට ගෙදරදී ගෘහණියක්. මම ගෙදර වැඩ කටයුතු සඳහා කාලය වෙන් කර ගන්නවා. කොහොමත් මම ප්‍රසංග වේදිකාවන් සඳහා සම්බන්ධ වෙන්නේ හවසට. ඒ නිසා ගේ දොර වැඩ කටයුතු අතපසු වන්නේ නැහැ. මගේ ස්වාමියාට සහ දරුවාට දෙමාපියන්ට මගෙන් විය යුතු යුතුකම් ඉටුවෙනවා කියලා මම හිතනවා.
 
ඔබගේ කලා කටයුතු සඳහා ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
 
ඇත්තටම මට කලා කටයුතු සඳහා මගේ සැමියගෙන් වගේම දෙමාපියන්ගෙන් ලැබෙන සහය නිසා තමයි මම මෙච්චර දුරක් ආවේ. හොද මානසිකත්වයකින් යුතුව ගායන කටයුතු කරන්න එයාලගෙන් සහය ලැබෙනවා. හොද රැකවරණයක් ලැබෙනවා මගේ සැමියාගෙන්. මගේ ප්‍රසංගයන් සඳහා ඔහුට පුළුවන් සෑම අවස්ථාවකදීම සම්බන්ධ වෙනවා. දෙමාපියන් මගේ පුතා බලාගන්නවා. මට ඒ දේම ගොඩක් වටිනවා.
 
මේ දිනවල ප්‍රසංග වේදිකා අඩුවීම පිළිබද තියෙන්නේ මොන වගේ අදහසක්ද?
 
රටේ ප්‍රශ්නයක් නිසා කලාකරුවන්ට විතරක් නෙවෙයි සෑම ක්‍ෂේත්‍රයකම අයට ඒක බලපාලා තියෙනවා. රටේ පවතින නොසන්සුන් තත්වය දුරුවී ඉදිරියේදී සාමය අපේක්‍ෂාවෙන් ඉන්නවා.
 
අළුතින් කරපු ගීත මොනවාද?
 
අලූත් චිත්‍රපට තුනකට ගීත ගායනයෙන් සම්බන්ධ වුණා. ගුත්තිල චිත්‍රපටය සුදේශ් වසන්ත පීරිස්ගේ අලූත් චිත්‍රපටයෙහි ගීත ගායනා කළා. ඒක ටිකක් වෙනස් විදියේ චිත්‍රපටයක්. ඒ වගේම වික්ටර් රත්නායකයන් සංගීත අධ්‍යක්‍ෂණය කරන චිත්‍රපටයක වික්ටර් රත්නායකයන් සමඟ යුග ගායනයත් සිදුකරනවා. චිත්‍රපට ගායනා ලෙස අලූතින් කෙරුණේ එම ගීත තමයි. ඊට අමතරව ගුවන්විදුලියෙන් ඇහෙන පාට කියලා සිංදුවේ රූප රචනය සිදුකරලා අවසන් වුණා. රටේ පවතින තත්වය නිසා තවම එය රූපවාහිනී මාධ්‍යයන්ට ලබාදුන්නේ නැහැ. ඉතාම මෑතකදී මෙය රූපවාහිනිය හා යූටියුබ් චැනලය හරහා ඒ ගීතය මගේ රසික රසිකාවියන්ට ලබා දෙනවා.
 
ඔබගේ ගීත සඳහා රසික ප්‍ර‍්‍රතිචාර ‍කොහොමද?
 
මගේ මුල් ගීතයේ ඉදලම ඇත්තටම හොද ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම මගේ රූප රචනාවක් සිදුවුණ අලූත් ගීතයෙහි ලොකු විශේෂත්වයක් තියෙනවා. ඇත්තටම ඒ ගීතය රචනා කරනු ලැබුවේ මගේ ස්වාමියා රුචිර නදීර ඒ නිසා ඒක මට විශේෂයි. මගේ චිත්‍රපට ගීතත් සමඟ මගේ සරළ ගීත සිදුවන්නේ අවුරුද්දකට එකක් වගේ. ඇත්තටම සරළ ගීත සඳහා ලොකු ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම රූප රචනා සමඟ තමයි මගේ ගීත සඳහා රසික ආදරය නොඅඩුව ලැබෙන්නේ. මම ඒ ගීත ප්‍රසංග වේදිකාවන් වල ගායනා කරනවා.
 
වර්තමාන ගීත කලාව පිළිබද අදහස කොහොමද?
 
මට හිතෙන්නේ හැම නිර්මාණයක්ම හොද නිර්මාණ. හැබැයි ප්‍රශස්ත ගණයේ නිර්මාණ මෙන්ම අවර ගණයේ ගීතත් වර්තමානය තුළ තියෙනවා. විවිධ ශෛලීන්ගේ ගීත තියෙනවා. වයස් ඛාණ්ඩ ජනප්‍රියත්වය බෙදීයන කලාවක් තියෙනවා. ඇත්තටම වයස් භේදයකින් තොරව කැමැත්ත දක්වන්නේ අපේ ප්‍රවීණ පරම්පරාවේ ගීත සඳහා කියලයි මට හිතෙන්නේ. මොන තරම් අලූත් ගීත ආවත් එහි වෙනසක් නැහැ. නමුත් අලූත් පරම්පරාවේ තියෙන හොද ගීත සඳහාත් හොද ප්‍රතිචාර තියෙනවා. වර්තමානයේ තිබෙන මල් ගීත බොහොම ඉක්මණින් ජනප්‍රිය වී ඉක්මණින් නැතිවෙලා යන තත්වයක් තමයි තියෙන්නේ.
 
උරේෂා රවිහාරි නාමය ජනතාව අතර ජනප්‍රිය වීමේ පිළිබද රහස කුමක්ද?
 
මම හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ කලක් පවතින ගීත ගායනා කරන්නයි. මොකද මම මුදල් මත පදනම් වෙලා ජනප්‍රියත්වය මත පදනම්ව ගීත ගායනා කරන්නේ නැහැ. ඒ වගේම හොද නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ගීත ගායනා කරන්නේ වෘත්තියක් ලෙස වුවද ඒ තුළ සමාජ මෙහෙවරකුත් කරනවා කියලයි මට හිතෙන්නේ. මුදල් ඉපයීමම නෙවෙයි සංගීතයේ පැවැත්මට ද යමක් කරන්න ඕනෑ. අලූත් පරම්පරාව වෙනුවෙන් හොද ගීත කරන්න ඕන. සෑම කෙනාගේම හිත දිනාගන්න පුළුවන් විදිහේ ගුණාත්මක දෙයක් කරන්නයි මගේ අවශ්‍යතාවය.
 
ගායනයත් සමඟ රංගන ශිල්පිණියක් ලෙස ඔබව දකින්න රසිකයන් කැමැති ඇති?
 
අනේ ඒහෙම වෙන එකක් නැහැ. මම ආස මගේ වෘත්තිය හරියට කරමින් ගායිකාවක් ලෙස කටයුතු කරන්න. ඒ දේට උපරිමයෙන් කැපවෙනවා. තව දෙයක් එක්කර ගැනීම තුළින් මම කැමැති දේ අතහැරීමක් සිදුවෙනවා කියලා මම හිතනවා. රඟ නොපෑවට ගායනයෙන් කරන්නෙත් රඟපෑමක්. ඒ අවස්ථාවට අනුව වෙනස් වෙමින් ගීත ගායනා කරනවා. රංගන ශිල්පිණියක් වගේ තමයි ගායන ශිල්පිණියක් කියලයි මට හිතෙන්නේ.
 
ගායන හැකියාව මුලින්ම හදුනාගත්තේ කවුද ?
 
අවුරුදු අටේ ඉදලා මම ගීත ගායනා කරන්නේ. ගායන හැකියාව මුලින්ම දැක්කේ මගේ දෙමව්පියෝ. ඉන්පසුව සංගීතය හදාරන්න යොමුකළා සුජාතා අත්තනායක මහත්මිය යටතේ. මගේ ගුරුවරුන්ගෙනුත්, සංගීත අධ්‍යක්‍ෂවරුන්ගෙනුන් හොඳ අගය කිරීම් ලැබෙනවා. ඒ ආශිර්වාදයන් සමඟ තමයි මම මේ තරම් දුරක් ආවේ. ක්‍ෂේත්‍රයේ හැමෝම මට ආදරෙයි. ඒ හැමෝටම මම ගෞරව කරනවා. ඒ වගේම මම ගොඩක් සතුටින් ක්‍ෂේත්‍රයේ ඉන්නේ.
 
පාසල් කාලයේ සංගීතය විෂයක් ලෙස හැදෑරුවාද ?
 
ඔව්. හැදෑරුවා. ඒත් මම මුල් කාලයේ නැටුම් හැදෑරුවේ. පසුව තමයි සංගීතය හැදෑරුවේ. පාසලේ ගීත ගායනා තරග සඳහා ගීත ගායනා කළා. මම පාසල් දෙකකට ගියා. ඒ පාසල් දෙකෙන්ම මම ගායිකාවක් ලෙස පන්නරය ලබා ගත්තා.
 
පවුලේ අය ගැන කිව්වොත් ?
 
මගේ තාත්තා ධර්ම ශ්‍රී වික්‍රමසිංහ. ඔහු වෘත්තියෙන් දැවැන්ත නිවේදකයෙක්. මගේ මව ගෘහණියක්. මගේ සැමියා විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක්. ඔහුගේ නම රුචිර නදීර. මගේ පුතා ශෂේන්. ඔහුට තාම වයස අවුරුදු හයයි.
 
ගායිකාවක් නොවුණානම් උරේෂා රවිහාරි කවුරු වෙයිද?
 
ගොඩක් වෙලාවට ගුරුවරියක් වෙයි.
 
ඉදිරි වැඩ කටයුතු ගැනත් කියමු නේද?
 
මගේ ලොකුම බලාපොරොත්තුව රූප රචනා කරන ලද ගීතය ඉදිරිපත් කිරීම තමයි. ඒවගේම තවත් හොද නිර්මාණ ජනතාවට ලබාදෙන්නත් බලාපොරොත්තු වෙනවා.
 
- නදීමාලි ආරියරත්න
'දිවයින'


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top