Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
02
ලෝකයේ සුන්දරම මන්ත්‍රීවරියන් දසදෙනා - (අනාගතේ ලංකාවත්)

- ලෝකයේ සුන්දරම මන්ත්‍රීවරියන් දසදෙනා - (අනාගතේ ලංකාවත්)Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

619 Views

මැතිසබය යනු සමස්ත රටටම ඇතැම් විට ලෝකයටම බලපාන ආකාරයේ බැරෑරුම් තීරණ ගන්නා තීරණාත්මක සාකච්ඡා පවත්වන ස්ථානයයි. එතැන සිටින සාමාජිකයන් වැඩි දෙනකු බැරෑරුම් මුහුණුවලින් සහ පීඩාවෙන් පිරුණු සිත්වලින් යුතුවය. එහෙත් සුන්දර කාන්තාවන් කිහිප දෙනකු දර්ශන තලයේ සිටින්නේ නම් එය වියළි බිමකට ඇද හැළෙන වර්ෂාවක් ලෙස අර පීඩාකාරී සිත්වලට දැනෙනවා නොඅනුමානය. අපේ මැතිසබේ ඇමැතිවරයකු මේ මෑතකදී අපේ ඇමැතිවරියක දිය ඇල්ලකට සමාන කොට තිබුණේ එම නිසා විය යුතුය.
සුන්දර කාන්තාවන් විසින් දේශපාලන කරළියේ පෙරළි ඇති කරනු ලබන බව ජාත්‍යන්තර දේශපාලනය දෙස බලන විට පෙනෙයි. මේ කාන්තා දේශපාලනඥයන් රටේ ජනතාව තුළ ප්‍රබෝධයක් සහ උද්යෝගයක් ඇති කිරීම ඊට හේතුවය. ඔවුහු දේශපාලන ලෝකයේ වැජඹෙන සුන්දරම සහ සරාගීම කාන්තාවන් ලැයිස්තුගත කිරීමට ඇතුලත් වීමට තරම්ම සුන්දරය.

දැනට ලෝකයේ සිටින සුන්දරතම සහ සරාගීම මන්ත්‍රීවරියන් සොයා කරන ලද සමීක්‍ෂණයක ප්‍රතිඵල මෙහි දැක්වේ.

හීනා රබානි

පකිස්ථාන ජාතික හීනා රබානි දැනට ලෝකයේ අංක එකේ වැජඹෙන සුන්දරතම දේශපාලනඥවරියයි. ඇය කලක් පකිස්ථානයේ විදේශ ලේකම් වශයෙන් ද කටයුතු කළාය. එම තනතුර ලැබූ ලාබාලම කාන්තාව ලෙස හැඳින්වෙන්නේත් හීනාය. ඇය දේශපාලන පසුබිමක් ඇති පවුලකින් පැවතඑන කාන්තාවකි.



ඔර්ලි ලිවයි

ඊශ්‍රායලයේ ජනතාව කියන්නේ දෙවියන්වහන්සේ විසින් දේශපාලන ලෝකයට මවන ලද දේව දුතිය ඔර්ලි බවය. ඇගේ සුන්දර බව පමණක් නොව ඍජු බැල්මත් සදා නොමැකෙන සිනාවත් ඕනෑම කෙනකු තිගස්වනවා නොඅනුමානය. ඊශ්‍රායල මාධ්‍යවලට ඇය ඉතා හොඳ පුවත් මවන්නියකි. දරුවන් තිදෙනකුගේ මව වුවද බාහිර පෙනුමින් කිසිවකුට ඒ බවක් කියන්නට නොහැකිය. ඇය දේශපාලනයට පිවිසියේ කලක් ඊශ්‍රායල ගුවන් හමුදාවේ ද සේවය කිරීමෙන් අනතුරුවය. ඇය කිසිම දිනෙක වයසට යන්නේ නැතැයි ඊශ්‍රායල මාධ්‍ය පවසයි.



මාරියා රොසේරියා කාර්ෆැග්නා

ඉතාලි මැති සබයේ පමණක් නොව ලෝකයේම සිටින සුන්දරම ඇමැතිවරිය වශයෙන් හැදින්වෙන්නේ මරියාය. උඩුකය නිරාවරණය කරගෙන පෙනී සිටි නිරූපිකාවක ලෙස ඇගේ ප්‍රතිරූපය මුලින්ම ජනතා සිත්සතන්හි රැඳිණි. එම නිසාම ඇගේ චරිතය නිරන්තයෙන්ම විවේචනයට බඳුන් වෙයි. එහෙත් මේ ගිනි සිළුව තමන්ට එල්ලවන චෝදනා සියල්ල තදින්ම ප්‍රතික්‍ෂේප කරන්නීය. එහෙත් හිටපු ඉතාලි අගමැති සිල්වියෝ බෙර්ලූස්කෝනි ගේ පුංචි සමනලිය යන්න නම් ප්‍රතික්‍ෂේප කරන්නට ඇයට නොහැකි වී තිබේ.



ඇලීනා කැබේවා

එක්සත් රුසියන් පක්‍ෂයෙන් මැතිවරණයට තරග කොට, 2007 දී මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිසි මේ සුරූපිණිය ජිම්නාස්ටික් ක්‍රීඩිකාවකි. ඇය මොන තරම් සුන්දර ළඳක්ද යත්, හිම මිදෙන තරමේ සීතලකදී පවා ඇය දකින පිරිමියකු දහදියෙන් නැහැවෙන්නේ යයි කියැවෙයි. ඇගේ සමකාලීන ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ඒ පිරිමි අතරින් එක් කෙනෙක් වූයේය. ඔවුන් දෙදෙනාගේ රහස් සබඳකම දෙස එකල මාධ්‍යවල අවධානය දැඩිව යොමුවී තිබිණි.



යුලියා ටයිමොෂෙන්කෝ

යුක්රේනයේ ප්‍රථම අගමැතිවරිය වීමට පෙර යුලියා සාර්ථක ව්‍යාපාරික කාන්තාවකි. ඇය යුක්රේන දේශපාලන ක්‍ෂේත්‍රයට පය තැබුවේ ආර්ථික විද්‍යාව සඳහා පී.එච්.ඞී. උපාධිය ලබා ගැනීමෙන් පසුවය. ඇය අලූත් අලූත් විලාසිතාවලට දක්වන්නේ බලවත් ප්‍රියතාවකි. ලෝකයේ සරාගීම දේශපාලනඥවරියන් අතරින් අයෙකු ලෙස හැඳින්වෙන ඇය නිතරම පිරිමින් ගේ අවධානයට ලක් වන්නීය. ඇය ප්ලේ බෝයි සඟරාවක කවරයේ දකින්නට පෙරුම් පුරන පිරිමි ද ඔවුනතර වෙති.




සෙන්රිඩා ගීගී

මේ ලෙබනන් සුන්දරිය නුදුටු දෙනෙත් කුමකටදැයි සිතෙන තරමටම ඇය සුන්දරය. විලාසිතා තෝරා ගැනීමට මනා හැකියාවක් ඇයට තිබේ. ඒ නිසා පමණක් නොව අවංක බව පිළිබඳවද ඇය ප්‍රසිද්ධය. මැද පෙරදිග පුරා ඇයගැන ඇත්තේ ඉතා විශිෂ්ට ප්‍රතිරූපයකි. 1994 දේශපාලන විද්‍යා උපාධිය හිමි කර ගත් සෙන්රිඩා ඉනික්බිතිව ලෙබනන් හමුදා නායක සමිර් ෆරීඞ් සමග විවාහ වූවාය. ඇය දේශපාලනයට සම්බන්ධ වූයේ ඉන් පසුවය.


කාශ්මලා තාරික්

පකිස්තාන දේශපාලනඥවරියක වන කාශ්මලා ප්‍රසිද්ධව සිටින්නේ ආසියාවේ සරාගීම මන්ත්‍රීවරිය වශයෙනි. හූස්ටන් හි මුහුදු වෙරලේදී පකිස්තාන කාන්තාවකට නොගැළපෙන තරමට අඩුවෙන් ඇඳුම් ඇඳ සිටිනු මාධ්‍යවලින් හෙලිදරව් වූවාට පසුව ඇය මෝස්තර ලෝකය තුළින් ජනප්‍රිය වූවාය. පිරිමින් ගේ සිහින ලෝක වල ඇයට හිමි වී ඇත්තේ සුවිශාල ඉඩකි.
මේ සරාගිනිය ලන්ඩනයේ ආර්ථික විද්‍යා පාසලෙන් ලත් ඛඛඵ උපාධිය ඇත්තියකි. එමෙන්ම ඉහළ නැඟීමේ ආශාවෙන් ද පෙළෙන්නියකි. එම ආශාව ඉටුකර ගැනීමේ පරමාර්ථය ඇතිව දේශපාලන ලෝකයේ ඉහළ තලයේ වැජඹෙන ඇත්තන්ගේ යහන් බෙදා හදා ගැනීම පිළිබඳව ඇය දැඩි විවේචනයට ලක්වී ඇත.



රූබි දිහාලා

ඉන්දියාවේ ඉපදී 1995 දී කැනඩාවට සංක්‍රමණය වූ ඇය මෝස්තර රැජින ලෙසින් විරුදාවලි ලබා තිබේ. 1993 දී ඇය රූප රාජිනී තරගයකින් දෙවැනි තැනද ලැබුවාය. ඇය කැනඩාවට ගියේ සිය අධ්‍යාපනය හමාර කළාට පසුවය. ඇය ජීවරසායන විද්‍යා උපාධියක් ලබා තිබේ. දේශපාලනයට සම්බන්ධ වීමට පෙර ඇය ”කියෝන්? කිස්ලියේ” චිත්‍රපටයේ කතාබහට ලක්වන ආකාරයේ චරිතයක් ද රඟ පෑවාය. ලෝකයේ සරාගීම දේශපාලන කාන්තාව ලෙස ඇය හැඳින්වීම වරදක් නැතැයි ඇය හඳුනන්නෝ පවසති.



  

ඇනා මාරියා ගැලෝජාන්

දිව්‍යාංගනාවක බඳුව රුවින් බැබළෙන ඇනා මරියා තරම් රූමත් දේශපාලනඥවරියක ලෝකයේ තවත් සිටීදැයි ඇස්ටෝනියාවේ ජනතාව ප්‍රශ්න කරයි. ඇය ෂේක්ස්පියර්ගේ කවියකින් වර්ණනා කෙරෙන ස්ත්‍රී රුවක් තරමටම සුන්දර බවින් අගතැන්පත්ය. මේ සුරූපී සරාගිනිය ඇස්ටෝනියාව සංවර්ධනය කරා ගෙන යන්නට සිය දේශපාලන බලතල යොදා ගත්තාය. එය ජනතාව වෙත බලවත් ප්‍රසාදයක් ඇති කරන්නට සමත්වී තිබේ.
Make a Comment
Make a Comment




Recent Gossip Post



Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  3,571 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,600 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  8,771 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,331 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,881 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,626 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,715 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,728 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,194 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,298 Downloads


Top 10 Commenters

Latest Comments

Top