Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව ජිවිතේ සැදෑ සමය ගෙවන රෝගී මවුවරුන් සහ පියවරුන් පිරිසක් මහළු මඩමක අපා දුක් විඳින හැටි ගැන හිරු CIA කළ හෙළිදරව්ව - Video

- කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව ජිවිතේ සැදෑ සමය ගෙවන රෝගී මවුවරුන් සහ පියවරුන් පිරිසක් මහළු මඩමක අපා දුක් විඳින හැටි ගැන හිරු CIA කළ හෙළිදරව්ව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,239 Views
කරන්ට් එකත් නෑ මහත්තයො... එළිවෙනකම් කළුවරේ...
 
අනේ මහත්තයො මගේ ළමයින්ට පුළුවන්නම් කෝල් එකක් දීලා කියන්න...
 
දරුවන් සමාජයේ ඉහළ තැන්වලට ගෙනෙන්නට, බොහෝ මව්පියන් තම ජීවිත කාලය පුරාම සිදුකරන්නෙ අනේකවිඳ කැපකිරීමක්.
 
නමුත් කාලයත් සමගම වියපත්වන මව්පියන් අතපය වාරු නැතිව ආයෙමත් පොඩි දරුවන්ගෙ තත්ත්වයට පත්වෙනවා.
 
එවන් තත්ත්වයට පත් වු පසු මව්පියන් වැඩිහිටි නිවාසවල අතහැර දැමීම මිනිසත්කම ලැබුවෙකුට අනුතම කළ හැකි ක්‍රියාවක් ද ?
 
තවත් වෙසක් පුන් පොහෝ දිනයක් ගෙවී යන අද දිනයේ මේ සටහන ඇතැම් දරුවන් අතින් ගිලිහී යන මිනිසත්කම යළි සිහිපත් කිරීමටයි.

වියපත් මවක් දිනපතා නඟන හැඩුම් හඬට හේතුව කුමක් දැයි සොයා බැලීම සදහා හිරු සී.අයි.කණ්ඩායම ඇඹිලිපිටිය, කුට්ටිගල, සූරියගම ගම්මානයට ළඟා වුණා.
 
එහිදී හෙළිවුයේ මෙම වියපත් මව ඇතුළු තවත් වැඩිහිටි පුද්ගලයන් 09 දෙනෙකු වැඩිහිටි නිවසක් බව කියනා මෙහි රදවා තබා ඇති බවයි.
 
මෙම ස්ථානයේ හිමිකරු මෙය පවත්වා ගෙන යාම සදහා විවිධ ප්‍රදේශවලට ගොස් ආධාර එකතු කළ මෙම වැඩිහිටියන්ගේ සුබ සාධනය සදහා කිසිදු පහසුකමක් ලබාදී තිබුණේ නැහැ.
 
මෙහි ළඟාවන විටත් මෙම වියපත් දෙමාපියන්ට වතුර පොදක් හෝ ලබාදීමට මෙම ස්ථානයේ කිසිවෙකුත් සිටියේ නැහැ.
 
කවුරුන්හෝ තමන්ට උපකාරය පිණිස පැමිණෙතැයි විශ්වාසයෙන් ඔවුන් විටින් විට මෙලෙස විලාප නඟන අයුරු අපට දැකගත හැකි වුණා.
 
මෙහි සිටි වැඩිහිටියන් අනාවරණය කලේ මෙහි විදුලිය මෙන්ම සනීපාරක්ෂක කටයුතු සිදුකර ගැනීම සදහා ජලය ද නොමැති බවයි.
 
මෙහි වෙසෙන වැඩිහිටියන් රැසක් දැඩි ලෙස රෝගාතුරව සිටි අතර ඔවුන්ට මදකට හෝ සුවපහසුව සලසා කෑමට යමක් ලබාදෙන ලෙස හිරු සී.අයි.ඒ.කණ්ඩායමෙන් ආයාචනය කළා.
 
තම සිරුරේ දිවෙන රුධිරය දරු සෙනෙහසින් ලෙයට හැර වු මේ මව ජීවිතයේ අවසන් කාලය තම දරුවන්ට ඇය සිටින තත්ත්වය මතක් කර දෙන ලෙස අපගෙන් මෙලෙස ඉල්ලා සිටියා.
 
"අනේ මහත්තයො මගේ ළමයින්ට පුළුවන්නම් කෝල් එකක් දීලා කියන්න අම්මට ගොඩක් අමාරුයි එක්කන් යන්න කියලා...."
 
දරුවන්ට මනුෂ්‍යත්වය මතක් කරදීම මෙන්ම කිසිදු පහසුකමක් නොමැතිව මුදල් ඉපැයීමේ අරමුණු කරගත් මෙවැනි ප්‍රමිතියෙන් තොර මෙවැනි මහලු නිවාස කෙරෙහිද රට කරවන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු නොවේද?


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,035 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,082 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  10,385 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  783 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  466 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,203 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,367 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  977 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,409 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,189 Downloads



Top 10 Commenters

Latest Comments

Top