Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
18
30 වසරක මෙරට වෙළාගත් කුරිරු ත්‍රස්තවාදය අවසන් කළ අභිමානවත් යුධ විජයග්‍රහණයේ දස වසරක මතකාවර්ජන - Video

- 30 වසරක මෙරට වෙළාගත් කුරිරු ත්‍රස්තවාදය අවසන් කළ අභිමානවත් යුධ විජයග්‍රහණයේ දස වසරක මතකාවර්ජන - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33 Views
තිස් වසරක් මෙරට වෙලාගෙන පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කර අදට දස වසරක් ගතවනවා.
 
මේ හිරු ප්‍රවෘත්ති ඒ පිළිබඳ ගෙන එන කෙටි අතීතාවර්ජනයක්.
 
1975 වසරේ ජුලි 27 වැනිදා එවකට යාපනයේ නගරාධිපතිවරයා වූ ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය කිරීමත් සමග LTTE සංවිධානය මෙරට බෙදුම්වාදී අරගල ඇති කරමින් යුද්ධයකට අවතීරණ වුණා.
 
එතැන් පටන් වසර 30 කට වැඩි කාලයක් මෙරට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු ජාතීන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට වරම් ලැබුණේ නැහැ.

එම යුද ගිනිදැල් රට පුරා ඇවිලී ගියේ රාජ්‍ය නායකයින්, රණවිරුවන් සහ සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසකගේ දිවි අහිමි කරමින්.
 
මහනුවර ශ්‍රී දළදා මාළිගාව, ජයශ්‍රී මහා බෝමළුව, කාන්තන්කුඩි පල්ලිය මෙන්ම මහ බැංකු ගොඩනැගිල්ල කොළඹ තෙල් ගබඩා සංකීර්ණය ඇතුළු මෙරට ආර්ථික මර්මස්ථාන රැසකටද යුද්ධයේ අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවුණා.
 
නමුත්, LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඊලාම් සිහිනය වෙනස් මාවතකට යොමුවන්නේ 2006 වසරේ ජුනි මස 21 වැනි දින මාවිල්ආරු සොරොව්ව වසා දමා දැමීමත් සමගයි.
 
ඊට එරෙහිව මෙරට යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක ඇතුළු ආරක්ෂක අංශ සිවිල් ජනතාව වෙනුවෙන් මානුෂීය මෙහෙයුමක් අරඹන්නේ නොපසුබස්නා උත්සාහයක් ඇතිවයි.
 
එහි ප්‍රතිඵලයක් ලෙස 2007 වසරේදී නැගෙනහිර පළාත මුළුමණින්ම ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට හැකිවුණා.
 
ඉන් නොනැවතුණු ආරක්ෂක අංශ ත්‍රස්වාදීන්ගේ පාලනයට නතුව තිබූ සියලු ප්‍ර දේශ යළි අත්පත් කර ගැනීමේ අරමුණ ඇතිව එම මෙහෙයුම් දියත් කළේ පෙරමුණු කිහිපයක් ඔස්සේයි.
 
එහි කූඨප්‍රාප්තිය එළඹියේ 2009 වසරේ මැයි මස 18 වැනිදාඑනම් අද වැනි දිනක ත්‍රස්තවාදීන් සතුව පැවති අවසන් බිම්කඩ වූ වෙල්ලමුල්ලි වයික්කාල් මුදා ගනිමින්.
 
එහිදී රාජ්‍ය නායකයින්, දේශපාලනඥයින්, විද්වතුන් ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව මරා දමමින් වසර 30 ක් තිස්සේ කුරිරු ත්‍රස්තවාදයක නියැලි වේලුපිල්ලේ ප්‍රභාකරන් මරා දැමීමට රණවරුවන්ට හැකියාව ලැබුණා.
 
මේ ගෙවෙන්නේ රණවිරුවන් රට වෙනුවෙන් ලේ, දහදිය, කදුළු මෙන්ම ජීවිත කැපකරමින් දිනාගත් සැබෑ නිදහසේ 10 වන වසරයි.
 
මේ අතර, ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසළ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතයි.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top