නැගෙනහිර ප්‍රංශයේ පිහිටි වෛද්‍ය සායනයකදී රෝගීන් 17 දෙනෙකුට විෂ ශරීරගත කිරීමේ සිදුවීමක් පිළිබඳව එරට 47 හැවිරිදි වෛද්‍යවරයකුට එරෙහිව පොලිස් පරීක්ෂණ අරඹා තිබෙනවා.
ෆ්රෙඩරික් පෙචියර් නමැති නිර්වින්දන වෛද්‍යවරයාට එරෙහිව මෙයට පෙර ද රෝගීන් 24 දෙනෙකුට විෂ ශරීරගත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඉන් 09 දෙනෙකු මිය ගොස් ඇති බව ද වාර්තා වී තිබුණා.
එම විෂ ශරීරගත කිරීම් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී මෙම අලූත්ම සිද්ධීන් පිළිබඳව වාර්තා වී තිබෙනවා.
මෙම සතිය ආරම්භයේදී අඩු සැලකිල්ලක් දැක්වීම හේතුවෙන් සැත්කම් අතරතුරදී හෘද රෝග තත්ත්වයන් හට ගැනුණු වයස අවුරුදු 4 ත් 80 ත් අතර රෝගීන් 66 දෙනකු පිළිබඳව ද පොලිසිය මෙම චූදිත නිර්වින්දන වෛද්‍යවරයා ගෙන් ප්‍රශ්න කර ඇති බව ද වාර්තා වනවා.
එල්ල වී ඇති චෝදනාලට වරදකරු වුවහොත් වෛද්‍ය පෙචියර්ට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් නියම වීමේ අවදානමක් ඇති බව වාර්තා වනවා.
පැමිණිල්ලෙහි නීතිවේදීන් උසාවියේ විනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත්තේ චූදිත වෛද්‍යවරයාව එල්ල වී ඇති චෝදනා හමුවේ ඔහුව අත්අඩංගුවට ගෙන එරෙහිව පවතින නඩුව විභාග කරන ලෙසයි.
කෙසේ වුවද වෛද්‍යවරයාගේ නීතිවේදියා වන ජීන් යුවෙස් ලේ බොර්ග්නේ පවසනුයේ පරීක්ෂණවලදී වෛද්‍යවරයාට එරෙහිව පවතින චෝදනා ඔප්පු වී නැති බවයි .
මැයි මසදී වෛද්‍ය පෙචියර් රෝගීන් 07 දෙනකුගේ විෂ ශරීරගත කිරීමේ චෝදනා මත 2017 මැයි මස අත්අඩංගුවට ගැනුණු නමුදු පසුව නිදහස් කරනු ලැබුවා.
අනතුරුව ඔහුට වෛද්‍ය වෘත්තියේ යෙදීම තහනම් කළ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.