Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
18
"මේ ජීවිතේ ලොකු මායාවක්... සැනසීම තියෙන්නෙ අධ්‍යාත්මික ජීවිතේ ඇතුළේ විතරයි..." - නිළි ජීවිත‍යෙන් සමුගෙන මහණදම් පුරන්නට ගිය සුරූපී බොලිවුඩ් තරු මෙන්න - Photos

- "මේ ජීවිතේ ලොකු මායාවක්... සැනසීම තියෙන්නෙ අධ්‍යාත්මික ජීවිතේ ඇතුළේ විතරයි..." - නිළි ජීවිත‍යෙන් සමුගෙන මහණදම් පුරන්නට ගිය සුරූපී බොලිවුඩ් තරු මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38 Views
බුද්ධ දර්ශනය ගැන පැහැදීම නිසා තමා සතු සියල්ල අතැර දමා මහණ දම් පුරන්නට ගිය අයගේ කතන්දර අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු.

මෑතදී එසේ නිර්වාණ ශාන්තිය පතා අභිමන් කළ ජනප්‍රිය නිළියෝ කිහිප දෙනෙක්ම වෙති.

බර්කා මාදන්
 
1974 පන්ජාබ් පවුලක උපත ලද බර්කා ඉංග්‍රීසි සාහිත්‍ය උපාධිධාරිනියකි. 1994 දී ඇය අයිශ්චර්යා රායි, සුෂ්මිතා සෙන්, ස්වේතා මෙනන් සමඟ ඉන්දියානු රූ රැජිණ තරඟයේ අවසන් වටයට තේරුණාය. මැලේසියාවේ පැවති ජාත්‍යන්තර සංචාරක රූ රැජිණ තරඟයේ දෙවන තැන දිනා ගත්තේ බර්කාය. ඉනික්බිතව ඇය සාර්ථක නිරූපිකාවක බවට පත් වුවාය. ඇය නිළියක ලෙස දොරට වැඩියේ අකේෂ් කිමාර් සහ රේඛා සමඟ කිලාඩි යොන්කා කිලාඩි චිත්‍රපටියේ රඟපාමිනි. 2003 දී ඇය භූත් චිත්‍රපටියේ අවතාරය ලෙස රඟපෑවාය. එය ඇයගේ වෘත්තිය දිවියේ සංදිස්ථානයක් විය.
 




ඇය රූපවාහිනියේ ද ජනප්‍රිය චරිතයක් වූවාය. ඇය රඟ පෑ ටෙලි නාට්‍ය සංඛ්‍යාව විස්සකට අධිකය. ගෝඩන් ගේට් නමින් චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් ආරම්භ කළ ඇය නිෂ්පාදිකාවක බවට පත් වූවාය. සොච් ලෝ සහ සුර්කාබ් ඇය නිෂ්පාදනය කළ චිත්‍රපට දෙකය. මේවායේ ප්‍රධන චරිත රඟපෑවේ බර්කාමය. කෙසේ වෙතත් ලෞකික ජීවිතය පිලිබඳ ඇල්ම ටිකෙක් ටික ඇගේ සිතින් ඈත් වූවාය. ඇය දලයි ලාමා තුමාගේ ඉගැන්වීම්වලට ඇලුම් කරන්නට පටන් ගෙන එතුමාගේ අනුගාමිකාවක වූවාය. ඇය මෙහිණියක බවට පත් වූ‍යේ 2012 දීය. දැන් ඇගේ නම ග්‍යාල්ටන් සම්ටන්ය. "මේ ජීවිතේ ලොකු මායාවක්... සැනසීම තියෙන්නෙ අධ්‍යාත්මික ජීවිතේ ඇතුළෙ විතරයි... දැන් මම හුඟක් සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා." ඇය කියන්නීය.

අනූ අගාර්වල්



ආශිකි චිත්‍රපටියේ රඟපාමින් බොලිවුඩයට පය තැබූ අනූ අගාර්වල් එයින්ම ජනප්‍රිය වූවාය. චිත්‍රපටය ආදායම් වාර්ථා බිඳ හෙලමින් සාර්ථකව ප්‍රදර්ශනය විනි. ඉනික්බිතව ඇය කිංග් අංකල්, ගසාබ් තශාමා ඇතුළු චිත්‍රපට ගණනාවකම රඟපෑවාය.
 
1999 දී ඇය කාරයෙන් ගමන් කරමින් සිටියදී හදිසි අනතුරකට මුහුණපෑවාය. එය මොනතරම් බිහිසුනු වීද යත් ඇයට මාසයකට අධික කාළයක් සිහිසුන් තත්වයේ සිටින්නට සිදු විය. ජීවිතය බේරාගන්නට හැකි වුවත් ඇගේ රුවද වෙනස් වී තිබූ නිසාදෝ ඇය තුළ කළකිරීමක් ඇති වුවාය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඇය බිහාරයට ගොස් භාවනාව ප්‍රගුණ කිරීමට පටන් ගැනීමය.
 
දැන් ඇය කියන්නේ සිදුවූ කිසිම දෙයක් පිලිබඳව දැන් ඇය තුළ පසු තැවීමක් හෝ කළකිරීමක් නැති බවය.

සොෆියා හයාත්


 
නිරූපිකාවක්, නිළියක් පමණක් නොව ඉන්දියාවේ ජනප්‍රිය රියැලිටි වැඩ සටහනක් වන බිග් බොස් හි තරඟ කාරිණියක ලෙසද සොෆියා හයාත් කටයුතු කළාය. ලෝකයේ අනුරාගීම කාන්තාවන් අතරද ඇයට සුවිශේෂී තැනක් හිමි විය. ඇය චිත්‍රපටි පමණක් නොව ටෙලි නාට්‍ය ගණනාවකත් රඟපෑවාය. රූපවාහිනී වැඩ සටහන් කිහිපයක්ම මෙහය වූවාය. එහෙත් පසුව ඇයට අධ්‍යාත්මික ජීවිතය කෙරෙහි ඇල්මක් ඇති විය. සියළුදෙනාම පුදුමයට පත් කරමින් ඇය මෙහෙණියක බවත් පත් වූවාය. දැන් ඇගේ නම ගයා සොෆියා මෑණියන්ය.

මම්තා කුල්කර්නි


 
ආශික් අවාරා, සබ්සේ බඩා කිලාඩි, ක්‍රාන්තිවීර් ඇතුළු චිත්‍රපට රැසක රඟ පෑ මමිතා 90 දශකයේ ජනප්‍රිය නිළියක වී සිටියාය. එහෙත් මත් ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ද වීම පිලිබඳව ඇයට චෝදනා එල්ල විණි. එම නිසාම රිදී තිරයෙන් සමුගත් ඇය දැන් භක්තිමත් උපාසිකාවක වී සිටින්නීය. දැන් තමාගේ නම නොව අධ්‍යාත්මය බබලන බැව් ඇගේ හැඟීමය.
 
- චන්දි කොඩිකාර
'ලංකාදීප'
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top