ඔහු මෙන්ම ඒ.ආර්.එම් ඊබ්‍රහිම් ද යුගයේ බොදු බැති ගී රැසක් ගැයුවේය. "සාදු සිරිපා ශ්‍රී මුනිඳුගේ," "දැහැමින් දිනු මේ ජීවිතේ - දුක සාදනා භවේ" වනි බොදු බැති ගී රැසක් ගායනා කළ ඒ.ජෙ කරීම් ගේ නාමයද අපිට අමතක නොවේ.
සිංහල සිනමා වංශකතාවේ දෙවනි කතා නාද චිත්‍රපටය වූ "අශෝකමාලා" ප්‍රදර්ශනය වූයේ 1947 අප්‍රේල් මස 09 වන දිනය. එහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ මොහොමඩ් ගවුස්ය. ගවුස් මාස්ටර් එම චිත්‍රපටය තුළින් සිනමාවට හඳුන්වා දුන් තරුණ ගායකයින් දෙදෙනෙකු පසු කළෙක අප සංගීත ක්ෂෙත්‍රයේ දැවන්තයින් දෙදෙනෙකු බවට පත් විය. ඒ අන් කවරෙකුවත් නොව පණ්ඩිත් අමරදේවයන් හා මොහිදින් බෙග් ය.
අශෝකමාලා චිත්‍රපටයේ අමරදේව ශූරීන් සඳහා ගවුස් මාස්ටර් මෙම ගීතය නිර්මාණය කළේය.
"භවේ භීත හැර දේශිත තිලෝනා
මුස්ලිම් කාන්තාවන් වූ නෝනා සුබෙයිදා හා ජී.එස්.බී රාණිද බොදු ගීත ගායනා කොට ඇත. නෝනා සුබෙයිදා ගායනා කළ " බුද්ධගයාව බේරා රක්ෂා කරමි" නැමැති ගීතය අනගාරික ධර්මපාලතුමාගෙ බොදු ව්‍යාපාර කටයුතු සඳහාද භාවිතා කොට ඇති බව ප්‍රකටය.
මොහොමඩ් ගවුස් හැරුණු කොට ලතීෆ් බායි, ටී.එෆ් ලතීෆ්, මොහොමඩ් සාලි,ස්ටැන්ලි ඕමාර් වැනි සංගීත ශිල්පීන්ගේ නොමඳ දායකත්වයක් බොදු බැති ගීයට ලැබී තිබේ.
අල්හාර් මොහිදීන් බෙග් හා බොදු බැති ගී අතර පවතින්නේ ඉතාම සමීප සම්බන්ධතාවයකි. වැඩිම සිංහල බොදු ගීත ගායනා කරඇති බවට සඳහන් මොහිදින් බෙග් ගේ බොදු ගී නාමාවලිය දිගු එකකි.
එයින් ප්‍රධාන වශයෙන් ඔහු " අංගුලිමාල" චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ "බුද්ධං සරණං ගච්චාමී" ගීතය මනුෂ්‍යත්වය පවත්නා තාක්කල් නොනැසී පවතිණ නිර්මාණයකි.
ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී
හිංසා පීඩා දේවිදෝ - මිනිසා තිරිසන් වේවිදෝ
ඝෝර විෂැති නයි පොලඟුන් වන්
මිනිසුන් මිතුරු වෙසින් එයි නම්
සුළං කුරුල්ලෝ, මගෙ නාමලී වැනි ගීත හරහා සිංහල සංගීත ක්ෂෙත්‍රයේ නොමැකෙන නමක් සටහන් කළ හරූන් ලන්ත්‍රා, ලන්ත්‍රාගේ මුල්ම සරල ගීතය බෞද්ධාගමික මුහුණුවරක් ගෙන තිබීම සුවිශේෂී කරුණකි.
1957 දී ඔහු ගායනා කළ " ලොවේ සැමදා තණ්හා ආශාව සදා" නම් වූ එම ගීතය අදටත් ජනප්‍රියව පවතින්නකි.
අද වන විට නව බොදු බැති ගී නිර්මාණය නොවත තරම් ය. එහෙත් අප පරපුරෙ තවත් දක්ෂ මුස්ලිම් ගීත රචකයෙකු ව නිලාර් එන්. කාසිම් විසින් සජාද් හසන් වෙනුවෙන් බොදු ගීයක් ලියා ඇත.
සුවඳ නැද්ද මේ මුළු ලෝකෙම"
නව පරපුරේ තවත් ප්‍රතිභාපූර්ණ කිවිඳියක හා ගී පද රචිකාවියක වන ශමිලා හුසේන් අතින් බොදු ගීතයක් ලියා නොමැති වුවත් වර්ථමානයේ ජාතින් අතර පවතින අවාසනාවන්ත විශ්වාසය බිඳී යාමේ තර්ජනය පාදක කොටගෙන ඇය ලියූ පුංචි කවියකින් අපි මේ ලිපිය අවසන් කරමු.
"කොයි තරම් ඇතිද අපි වගේ පෙම් වත්තු
වෛරයෙන් අන්දව මහ නරුම පුත්තු
සුණුවිසුණු කළේ මේ පෙම් කතා වස්තු"