Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
17
"අපි මේ නාට්‍යය කරන්න මාස ගාණක් දීර්ඝව සාකච්ජා කළා..." - හුස්මක් තරමට ටෙලිනාට්‍ය ගැන අධ්‍යක්ෂක රවීන්ද්‍ර විජේරත්න කියන කතාව - Photos

- "අපි මේ නාට්‍යය කරන්න මාස ගාණක් දීර්ඝව සාකච්ජා කළා..." - හුස්මක් තරමට ටෙලිනාට්‍ය ගැන අධ්‍යක්ෂක රවීන්ද්‍ර විජේරත්න කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

56 Views
හුස්මක් තරමට ටෙලි නාට්‍ය හිරු නාලිකාව ඔස්සේ සෑම සතියේ දිනකම රාත්‍රී 8.00 විකාශනය වෙනවා,පාසල් වියේ තරුණ තරුණියන්ගේ ප්‍රේම කතන්දරයක් තමයි මේ කතාවෙ දිගහැරෙන්නේ.තුන්කොන් ආදරයක් තුළ තරුණිය හා තරුණ‍යන් දෙදෙනාගේ පවුල් අතර ප්‍රශ්න වැලක් ආරම්භ වෙනවා. ඔවුන් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද කියන දේ මේ ටෙලි නාට්‍ය ඔස්සේ දැක ගන්න පුළුවන්. මේ එම ටෙලිනාට්‍ය ගැන එහි අධ්‍යක්ෂක රවීන්ද්‍ර විජේරත්න ජාතික පුවත්පතක සමග කළ සංවාදයක්.

පාසල් ප්‍රේම කතා එක්ක නිර්මාණය වන ටෙලි නාට්‍ය ‍රැල්ලක් දැන් බිහිවෙලා.මේකත් ඒ රැල්ලෙ එල්ලුන නාට්‍යයක්ද?
මේක රැල්ලෙ එල්ලුන නාට්‍යයක් කියන එකට මගේ එතරම් කැමැත්තක් නැහැ.මම යොවුන් ආදර කතා මුල් වුන ගොඩක් නාට්‍ය කළා.ඒව ගොඩක් ජනප්‍රිය වුණා.පාසල් ප්‍රේමය මුල් කරගත් මේ තිර පිටපත ගැන හිරු නාළිකාව සමග සාකච්ඡා කරල තමයි නාට්‍ය නිර්මාණ කළේ.එහෙම නැතුව රැල්ලට හසුවීමක් විදියට මේ නාට්‍ය කරන්න ඕන වුනේ නැහැ.

මේ වගේ නාට්‍යක් කරන එක ඔබේ යෝජනාවට අනුවද වුණේ?
තරුණියන්ගෙ නාට්‍යයක් කරන්න ඕන වුණේ.අපි මේ නාට්‍ය කරන්න මාස ගානක් දීර්ඝ ලෙස සාකච්ඡා කළා.ඇත්තම මේ නාට්‍ය කරන්න සම්පූරුණ නිදහස හිරු නාළිකාව විසින් අපිට ලබා දුන්නා.
 
දැන් තිබෙන පාසල් ප්‍රේම කතා පදනම් කරගත් නාට්‍ය ගැන විවිධ චෝදනා තිබෙනවා.ඒ චෝදනා ඔබටත් අදාල වෙන්න පුලුවන්?
චෝදනා එනවා.බොහෝ වෙලාවට ‍යොවුන් ප්‍රේමය ඇති වෙන්නෙ පාසල් කාලයේදී.ප්‍රථම ප්‍රේමය බොහොවිට ඇති වෙන්නෙ පාසල් කාලයේදී.ඒ සුන්දර ප්‍රේමය ටෙලි නාට්‍ය කතාවක් විදියට පෙන්වීම වරදක් කියල මම දකින්නෙ නැහැ.සුන්දරම ප්‍රේමවන්ත යුවලක් තමයි ගොළු හදවතේ දම්මි සහ සුගත්.ඒ දම්මි,සුගත් ප්‍රේමකළාට වඩා දැන් පෙම්වතුන් සමාජ,සංස්ක්ෘතික වශයෙන් වගේම තාක්ෂනික වශයෙනුත් වෙනස්,වෙනස් දෙයට අනුගත වෙලා.සමහරු අහනව ඇයි ටෙලි නාට්‍යයේ තරුණියන්ට කොට ගවුම් අන්දන්නෙ කියලා.ඉතින් දැන් තරුණ තරුණියන්ගේ සිතිවිලි,ඇඳුම් පැලඳුම් වෙනස් වෙලා.සංවර වෙන්න ඕන කියල වර්ථමානයට ගළපෙන්නෙ නැති දේවල් පාකවිච්චි කළොත් ප්‍රේක්ෂකයො නාට්‍ය බලන්නෙ නෑ.

එතකොට ටෙලි නාට්‍යයකින් ප්‍රේක්ෂකයාට හොඳ මග පෙන්වීමක් ලබාදිය යුතුයි කියලා ඔබ විශ්වාස කාන්නෙ නැද්ද?
ප්‍රේක්ෂකයෝ හොඳ මාවතකට යොමු කිරීම ටෙලි නාට්‍යවල මූලික වගකීමක් නෙවෙයි.ටෙලි නාට්‍යයක මූලික අරමුණ ප්‍රේක්ෂකයා එය වැලඳ ගැනීම.මේ ටෙලි නාට්‍යයේ අවශ්‍ය දේවල් ප්‍රේක්ෂකයා වැලඳ ගනියි.බැහැර කළ යුතු දේවල් ප්‍රේක්ෂකයා බැහැර කරයි.අපේ ටෙලි නාට්‍යයේ තිබෙන සමහර දෙබස් ෆේස්බුක් පෝස්ට් වලින් පවා අගය අරල තිබුණා.සමාජයට පණිවිඩයක් දෙන වෙන වෙන වැඩ සටහන් තියෙනවා,ප්‍රේක්ෂකයන්ගෙ වින්දනය වෙනුවෙන් තමයි ටෙලිනාට්‍ය කරන්නේ.

මේ "හුස්මක් තරමට" ටෙලි නාට්‍ය නිර්මාණය කළේ වෙනත් නාළිකාවක විකාශය වෙන ටෙලිනාට්‍යයකට අභියෝගයක් කරන්නද?
නැහැ මම කිසිම නාළිකාවකට හෝ නාට්‍යයකට අභියෝග කරන්නෙ නෑ. අපි දිර්ඝ කාළයක් නාට්‍යය කරල තියෙනවා.අපි දුරුතු ක්‍රියේෂන් ආයතනය පටන් අරගෙන දැන් අවුරුදු 8 පමණ වෙනවා.අපි නිරිමාණය කරන නාට්‍යය ඕනම නාළිකාවක විශානයනය වෙනවා.අපි ආයතනයක් විදියට නිබඳවම නාට්‍ය නිර්මාණයක් කරන්න උත්සහ කරනවා.මම සහ තරංග අවුරුද්ද සැලසුම් කරන්නේ එහෙම.

වෙනත් නාට්‍යයකට අභියෝග කිරීමේ අරමුණ නැත්නම් ඔබේ නාට්‍ය නිර්මාණය තුළ වෙන අරමුණු ඇති?
ප්‍රේක්ෂකයෝ අතර රැඳී තිබෙන නාට්‍යයක් නිර්මාණය කරන්න ඕන.කතාබහට ලක් වෙන නාළිකාවේ රේටින් ඉහළ යන නාට්‍යයක් බවට පත් කරන්න අලුත් කතා තේමා,අලුත් නළු නිළියෝ අපි හඳුන්වා දෙනවා.

ඔබේ නාට්‍යයයේ බොහො වෙලාවට අලුත් මුහුණු ක්ෂේත්‍රයේ හඳුන්වා දෙනවා.ඒ අය ක්ෂේත්‍රයේ රැඳිලත් ඉන්නවා.මෙවර ඔබේ හුස්මක් තරමට නාට්‍යයේ ප්‍රධාන චරිතවලට ගෙනාපු ශිල්පීන් ගැනත් කතා කරමුද?
වසර ගණනාවක් තිස්සේ අපි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නවක නළු නිළියෝ හඳුන්වාදුන්නා.නවක මුහුණු දැක බලාගන්නත් ප්‍රේක්ෂකයෝ කැමතියි.ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නළු නිළියන්ගේ හිඟතාවයක් තියෙනවා.එහෙම අවස්ථාවක අපි හඳුන්වා දෙන නළු නිළියන් අධ්‍යක්ෂකවරුන්ට,නිශ්පාදකවරුන්ට ඔවුන්ගේ නිර්මාණවලට සම්බන්ධ කරගන්න පුලුවන්.ඒක එක පැත්තකින් ක්ෂේත්‍රයට කරන අත හිත දීමකුත් වෙනවා.ඉතින් මේ නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපාන්නේ ගයාන් ගුණවර්ධන සහ සචිනි රුවංගිකා.ඔවුන් වෙනත් ටෙලි නාට්‍යවල රඟපාල හිටියට මෙවැනි ප්‍රධාන චරිතයක් කරලා තිබුනෙ නෑ.අපි ගොඩක් නවකයෝ ඉන්ටර්වීව් කළා.නමුත් අපට අවශ්‍ය රූප ඔවුන් අතරින් ලැබුනෙ නැහැ.ගයාන් සහ සචිනි ඊට ගැලපුණා.ඒකයි ඔවුන්ව මේකට සම්බන්ධ කරගත්තේ.

මේ නිර්මාණයට සම්බන්ධ වන අනිත් ශිල්පීන් ගැනත් මතක් කරමු?
ධර්මප්‍රිය ඩයස්,ජයනි සේනානායක්,පබෝධා සන්දිපනීි, ඉමේෂාන් නිල්ලිගහවත්ත,සංජය මොරමුදලි ,මාධනී මල්වත්ත,අජිත් වීරසිංහ,නිරෝෂන් විජේසිංහ,මීනා කුමාරිත් මෙහි රංගනයට එක් වෙනවා ඔවුන්ගෙනුත් නාට්‍යට ලොකු සහයෝගයක් ලැබෙනවා.

බොහෝ මෙගා නාට්‍යයවලට නිශ්චිත අවසානයක් නෑ.සමහර අවස්ථාවලදී නාට්‍යය මැදදී විවිධ හේතූන් මත කතාවේ ගලායෑමට විරුද්ධ දේ සිදු වෙනවා.ඇත්තටම මෙවැනි දේ මේ නාට්‍යයයේ සිදුවන එකක් නැද්ද?
දැනට අපි පළමු කොටස් දෙසීයට අවශ්‍ය කතාව පිලිබඳව සැලසුම් සකස් කරලයි තියෙන්නේ කොටස් 50දි මොකද වෙන්නේ,75දී,100දි ,150දී,200දී මොකද වෙන්නෙ කියන දේ මේ වෙනකොට සැලසුම් කරල ඉවරයි.කොහොම වුනත් නාට්‍ය කොටස් දෙසිය පනහකට තුන්සීකයකට කරන්න වස්තු බීජය අපි ලඟ තියෙනවා.

මේ වෙනකොට "හුස්මක් තරමට" ප්‍රේක්ෂකයන්ට ලං වෙලාද?
මේ වෙනකොට නාට්‍යයේ කොටස් කිහිපයයි නිර්මාණය වෙලා තියෙන්නේ.ඉතින් දැනටම ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

තිලිණි කෞශල්‍යා වීරසිංහ. - මව්බිම

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top