Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
16
"මට රොෂානිව නැතුවම බැරිවුණා, අපි හුඟක් ළංවුණේ වීඩියෝ කෝල්ස්වලින්.." - බිරිඳගෙන් නොලැබුණු පහස පාසල් පෙම්වතියගෙන් ලබාගත් අසංකට අවසානයේ අත් වූ අවාසනාවන්ත ඉරණම - Video

- "මට රොෂානිව නැතුවම බැරිවුණා, අපි හුඟක් ළංවුණේ වීඩියෝ කෝල්ස්වලින්.." - බිරිඳගෙන් නොලැබුණු පහස පාසල් පෙම්වතියගෙන් ලබාගත් අසංකට අවසානයේ අත් වූ අවාසනාවන්ත ඉරණම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views
ළමෙක් හදන්න බැරිවුණේ මගේ වරදක් නිසා..
 
රොෂානි හිටියේ පිටරට, සුද්දෙකුත් එක්ක..
 
ඒකාකාරිව ගලන ජිවිතේට සැහැල්ලුවක්, විරාමයක් අවශ්‍යයි තමයි. ඒත් ඒ විරාමය ඔබේ ජිවිතය විනාශ කරා රැගෙන යනවා නම් ඒක ඔබ විසින්ම ඔබට කරගන්න මහා අපරාධයක්. සමහර වෙලාවට ජිවිතේ තාවකාලික සතුට වෙනුවෙන් අපි තෝරාගන්නා බැඳීම් බිඳ වැටුණහම ඒවා අපිට සදාකාලික පසුතැවීම් ඉතුරු කරනවා.
 
ඒ නිසා සදාකාලික පසුතැවීම් වෙනුවෙන් ඔබේ ජිවිතය උගස් නොකරන්න කියන ඉල්ලීමත් එක්ක ජිවිතේට අලුත් පාඩමක් කියලා දෙන තවත් කතාවක්.. එහෙම නම් හැඟීම් ගණුදෙනුවට කලින් තව පාරක් හිතන්න.
 
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 59 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
 
මේ කතාව අසංක ගැනයි.

අපිළිවෙලකට තියෙන අපේ ජිවිතේ කාලයත් එක්ක සමහර වෙලාවට පිළිවෙලට හැදෙනවා. පිළිවෙලට තියෙන ජිවිතෙත් සමහරක් තැන්වලදී අපිළිවෙල වෙනවා.
 
හැඟිම් එක්ක ගණුදෙනු කරන මිනිස්සුන්ට මේක සරල නැහැ.
 
අසංක කියන්නේ හුඟක් හොඳට ඉගෙන ගෙන තමන්ගෙම කියලා රැකියාවක් කරන් ජිවත් වුණූ කෙනෙක්. ආදරය, විවාහය වගේ දේවල් ආගන්තුක වුණත් කාලයත් එක්ක දෙමව්පියන් ගෙනාපු යෝජනාවකට අසංක කැමති වෙනවා.
 
මුලින් වදයක්, කරදරයක් වග දැණුනත් ටිකෙන් ටික ඒ තරුණිය ගැන අසංක හිතන්න ගන්නවා. ඒ දෙන්නාට දෙමහල්ලෝ ආශිර්වාද කළා වගේම අසංකට උවමනාව තිබුණේ මේ විවාහය ඉක්මන් කරන්න.
 
අවසානයේ මේ දෙන්නා විවාහ වෙනවා.
 
සමහරක් හැඟීම් බොහෝම සුන්දර දේවල් වුණත් අසංකට තමන්ගේ අවසාන බලාපොරොත්තුව සඵල කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ තමයි මේ දෙන්නට දරුඵල නොලැබීම. දරුවෙක් නොලැබීම අසංකගේ වරදක් කියලයි වෛද්‍යවරු නම් කිව්වේ.
 
මේ කියන හේතූන් නිසාම අඹුසැමියන් අතර නොහොඳ නෝක්කාඩු ඇතිවෙන්න වැඩි කල් ගියේ නැහැ.
 
අසංකගේ බිරිඳ එයාගේ අම්මගේ ගෙදර නිතරම යන්න පුරුදු වුණා. හුදකලා වුණූ අසංක කාලේ ගෙව්වේ මුහුණු පොතත් එක්ක. මේ ගෙවෙන කාලයත් එක්ක මියගිය මතකයක් ආයෙම මහ අහම්බයකින් අසංකට මුණ ගැහෙනවා.
 
අසංකගේ පාසල් කාලේ ආදර කතාවක අයිතිකාරියක් වුණූ රොෂාන් අසංකට මිතුරු ඇරයුමක් එවා තිබුණා.
 
ගෙදර ප්‍රශ්නත්, බිරිඳගේ ප්‍රශ්නත් අතරේ හිරවෙලා හිටපු අසංක රොෂානිට නොදැනීම ළංවුණා. රොෂානි හිටියේ පිටරටක. විදෙස් ජාතිකයෙක් එක්ක. ඇය අසංකට වීඩියෝ කෝල් ගන්න පුරුදු වුණා. අසංකට ඉවසුම් නැතුව ගියා රොෂානිව දැකගන්නකන්.
 
ඒත් මේ සමීප ඇසුර තමන්ට ලොකු අස්වැසිල්ලක් වෙනුවට මහා විනාශයක් සිද්ධ කරන බව මිරිඟුවක ඇවිදින අසංකට තේරුණේ නැහැ.
 
ලංකාවට ආපු රොෂානි දවස් ගණන් අසංක එක්ක තනිවුණා. ඒ දෙන්නා ඇවිදින්න ගියා. විනෝද චාරිකා ගියා. බිරිඳගෙන් නොලැබුණූ හැමදේම රොෂානිගෙන් බලාපොරොත්තු වුණු අසංක බිරිඳට බොරු කියලා මඟ අරින්න පුරුදු වුණා.
 
ඒත් අවසානය හිතපු තරම් හොඳ එකක් නම් නෙවෙයි. තමන්ට නොහිතපු විදිහේ රෝගයක් තියෙන බව අසංකට දැනෙන්න ගත්තා.
 
ඉතින්, අසංක දැනගන්නවා අනියම් ඇසුරක පහස ලැබූ තමන් සමාජ රෝගයකට ගොදුරු වෙලා වග.
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
අචිනිගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top